'මට ගැහුව එක බොරු කියලා නිවුස් එකක් දාල දෙන්ඩ' - සුසිල් බැගෑපත් වෙලා!




අප විසින් පල කරන්නට යෙදුනු ‘මහින්ද නාම යෝජනා මණ්ඩලයට කුණු හරුපෙන් බැණ වැදී සුසිල්ට පහර දීලා!' ප්‍රවෘත්තියෙන් ඉමහත් අපහසුවට පත්ව ඇති එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත පුද්ගලික රූපවාහිනී නාලිකාවක හිමිකරුවෙකුට කතා කොට එම පුවත අසත්‍ය එකක් බවට ප්‍රවෘත්තියක් පලකර දෙන ලෙස බෑගපත් වී තිබේ.

එවිට පුද්ගලික රූපවාහිනී නාලිකා හිමිකරුවා පවසා ඇත්තේ ‘ඔබතුමා ඒ ගැන ප්‍රෙස් එකක් තියන්න. එතකොට අපිට පුළුවන් ඒ නිවුස් එක දාන්න' කියාය. පසුව නාලිකා හිමිකරුවා සුසිල් ප්‍රේමජයන්තගෙන් විමසා ඇත්තේ ඇත්තටම ඒ කතාව බොරුවක්ද? කියාය. ඊට පිලිතුරු දෙමින් සුසිල් පවසා ඇත්තේ ‘පහර දීමක් වුනේ නෑ බහින්බස් වීමක් නම් වුනා' යනුවෙනි. ‘හොස්පිටලයිස් වෙන්න තරම් බහින් බස් වීම දුරදිග ගියාද? යනුවෙන් නාලිකා හිමිකරුවා ඇසූ ප්‍රශ්නයට සුසිල් පැහැදිලි පිලිතුරක් දී නොමැත.

මද වේලාවක් නිහඬව සිටි සුසිල් ප්‍රේමජයන්ත හිටපු අමාත්‍යවරයා දුරකතන සංවාදය අවසන් කිරීමට පෙර පවසා ඇත්තේ ‘ඕක ඔහොම්ම යට ගියදෙන්. ඔය ගැන ප්‍රෙස් තියලා නිකන් ඇදගෙන නාන්න බෑ' යනුවෙනි.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment