මිස්ටර් හන්ඩ්‍රඩ් පසර්න්ට් දේශපාලනය අත් හරී.



මිස්ටර් හන්ඩ්‍රන්ඩ් පසන්ට් ලෙස දේශපාලනයේ ප්‍රසිද්ධව සිටි පුද්ගලයෙකු නැවත දේශපාලනයට නොපැමිණෙන බවට වන තොරතුරු හෙළිදරව් වී ඇත. මේ පුද්ගලයා සම්බන්ධයෙන් පාඨකයන්ට කිසිදු සැකයන් නොවන අතර ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොයුරු හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂය.

සාමාන්‍ය යෙන් රාජපක්ෂ පාලන සමයේ මෙරටට පැමිණෙන ව්‍යාපෘති හා දේශීය ව්‍යාපෘති සියල්ල මොහුගේ අමාත්‍යංශය යටතේ සිදුකළ යුතු බවට වන ව්‍යවස්ථා වෙනස් කිරීම් සිදුකරගත් අතර ඒ අනුව කුඩා ව්‍යාපෘතියේ සිට විශාල ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ඒ සදහා වන කොමිස් මුදල 10% සිට 100% දක්වා ගෙවීමට සිදුවිය.

ඒ අති විශාල මුදල් කන්දරාවක් මේ හරහා සරිකරගත් බැසිල් රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව දේශපාලනය අත්හැර ඇමරිකාව බලා පිටත් විය. එහෙත් ඔහු සිදුකළ මුල්‍ය වංචාවන් සම්බන්ධයෙන් අධිකරණය ක්‍රියාමාර්ග හේතුවෙන් ලංකාවට පැමිණ අතර මාස ගණනාවක් සිරගත කොට තැබීය. පසුව ඇප මත නිදහස ලැබූ ඔහු මේ පසුගිය මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරතැයි බලාපොරොත්තු වුවත් එය සාර්ථක නොවූ බැවින් යළි දේශපාලනයට නොපැමිණෙන බව පසුගියදා ඔහු හමුවීමට ගිය විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වෙත පවසා ඇති බවට වාර්තාවේ.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment