Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

CSN සේවකයන්ට රාජපක්ෂලාගෙන් තර්ජනයක්!


කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂට අයත් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්  (CSN) රූපවාහිනී නාලිකාව සහ සිංහ FM ගුවන් විදුලිය මගින් සංවිධානය කරන ප්‍රවර්ධන ව්‍යාපෘතියක වියදම් දැරීම එහි මාධ්‍යවේදීන් සහ සේවකයන්ට පවරා තිබේ.

යශෝරාවය නම් මෙම ප්‍රසංගයේ ටිකට්පත් විකුණන ලෙසත්, එසේ විකිණීමට නොහැකි වන සේවකයන්ගේ වැටුපෙන් රුපියල් 5,000 බැගින් කපා ගන්නා බවටත් ආයතනයේ ඉහළ නිලධාරීන් විසින් සේවකයන්ට තර්ජනය කර ඇත. මෙම ප්‍රසංගය නෙළුම් පොකුණේ පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණද, පසුව එය මහරගම යූත් රඟහලේ පවත්වන්නට තීරණය කර ඇත. ඊට හේතු වී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්දානය පරාජය වීමත් සමග මීට මුදල් වියදම් කිරීමට එකග වී සිටි ව්‍යාපාරිකයන් එය කළ නොහැකි බව කෙළින්ම දැනුම් දීමයි.

මේ නිසා බලහත්කාරයෙන් ටිකට්පත් විකුණා ප්‍රසංගය පැවැත්වීම කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් කළමනාකාරිත්වයේ සැලසුම වී තිබේ.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment