Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

එජාප මන්ත්‍රීන් මිලදී ගන්න මහින්ද චීනයෙන් සල්ලි ඉල්ලලා !



සඳුදා (17) පැවැත්වෙන මහමැතිවරණයේදී  එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර කරට කර සටනකදී සන්ධානයට අවශ්‍ය බහුතරය ලබාගැනීම සඳහා එජාපයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් මිලදී ගැනීමට මුදල් ලබාදෙන්නැයි කුරුණෑගල එජනිස අපේක්ෂක මහින්ද රාජපක්ෂ තම ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික හිතවතෙකු මාර්ගයෙන් චීන රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. 

මෙවැනි එක් මන්ත්‍රීවරයෙකු සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 200 ක් වත් වැයවෙතැයි මහින්ද රාජපක්ෂ ඇස්තමේන්තු කර එම මුදල බහුතරය සඳහා අවශ්‍ය වන මන්ත්‍රීවරු ප්‍රමාණයෙන් වැඩිකොට වහා ලබාදෙන ලෙස චීන රජයෙන් ඉල්ලා තිබේ.  එහෙත් තේරී පත්වන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 500 ක් වත් ගෙවීමට සිදුවෙතැයි මහින්ද රාජපක්ෂ පාර්ශ්වය චීන රජයට දන්වා ඇත. 

යහපාලනයේ පසුගිය දින සියය තුළ කලම්බු පෝර්ට් සිටි ඇතුළු සියලුම චීන රජයේ ව්‍යාපෘති ඇණහිටීම තුළින් චීන රජයට මේ වනවිට රුපියල් බිලියන ගණනක පාඩුවකට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වයක් යටතේ මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම සඳහා චීන රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙතැයි අපේක්ෂා කෙරේ. නමුත් චීනයේ කොටස් වෙළඳපොල කඩාවැටීම හා පසුගිය මාසය තුළ අපනයන ආදායම 08% කින් පහළවැටීමත් ඩොලරයට එරෙහිව යුආන් මුදල අව ප්‍රමාණයවීමත් යන කාරණා නිසා චීන රජය වක්‍ර විදේශ ආයෝජන කෙරෙහි පරෙස්සම් සහගත බවක් දක්වනු ලබයි. 

නමුත් නැවත රාජපක්ෂ රජයක් පිහිටුවීමට හැකි ශක්‍යතාවයක් පෙනෙන්නේ නම් ඒ සඳහා ආයෝජනය කිරීමට චීන රජය කිසිවිටෙක පසුබට නොවන බව අප වෙත මෙම කරුණු හෙළිකළ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා සඳහන් කර සිටියේය. එමෙන්ම පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන අංශයේ ඉහළ නිළධාරියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිළවශයෙනුත් මහින්ද රාජපක්ෂ මහතා නිළ නොවන ආකාරයෙනුත් හමුවූ බව ඉහත කී නිළධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment