පවුල බේරා දෙන්නැයි මහින්ද මෛත්‍රීගෙන් ඉල්ලයි.


මහ මැතිවරණය අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකතන ඇමතුම් 11ක් ඊයේ (20) පෙරවරුව වනවිට ලබා දී ඇති බව වාර්තා වේ.

දුරකතන ඇමතුම් ලබා දෙමින් ඔහු ඉල්ලා ඇත්තේ තමන්ටත් තම පවුලේ සාමාජිකයින්ටත් එරෙහිව එල්ල වී ඇති මිනී මැරුම්, වංචා, දූෂණ පිළිබඳව දැනට සිදු කෙරෙමින් පවතින පරීක්ෂණ යටපත් කර ගැනීමට ජනාධිපතිවරයාගේ සහයෝගය ලබා දෙන ලෙසය.

ජනාධිපතිවරයා ඒ සඳහා මැදිහත් වන්නේ නම් තමා පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුනකට වී නිහඬව සිටීමට සූදානම් බවද ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම ඇමතුම්වලට පිළිතුරු ලබා දී ඇති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂට පවසා ඇත්තේ දැන් ඒ සඳහා තිබූ අවස්ථාව අහිමි වී ඇති බවත් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට පෙර ඒ පිළිබඳව සිතා බැලිය යුතුව තිබු‍ණ බවත් දන්වා ඇති බව වාර්තා වේ.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment