කුරුණෑගලදී මහින්ද සමඟ Stage නැඟපු file අක්කා කියපු සංවේදී කතාව.
" මෙව්වා මාධ්‍යට කියන්න ගියානං අපිව වෙඩි තියලා මරයි මහත්තයෝ "
ෆයිල් අක්කා නමින් මේ දිනවල ප්‍රසිද්ධියට ලක්වී ඇති එම කාන්තාව නමින් අයේෂා මධුෂානි වේ . අපි ඇය පිළිබඳව විස්තර සොයා යන අතරතුරේ ඇය කුරුණෑගල කුලියාපිටිය පදිංචි කාන්තාවක් බව අපට ආරංචි වූ අතර අද උදැසන අප ඇයගේ විස්තර දැනගැනීමට කුලියාපිටය පිහිට ඇගේ නිවසට ගියෙමු .
අප එහි යන විටත් , තම දුවව මහින්ඳ රාජපක්ෂ එළඹෙන අගෝස්තු 16 වන දින තෙක් බලහත්කාරයෙන් ඔහුගේ රාජකාරි වැඩකටයුතු වලට පවරා ගෙන ඇති බව ඇගේ පියා අපට පැවසුවේ කඳුළුද පිසදමමිනි.
ඔහු නමින් විජේසිරි බණ්ඩාර වන අතර වයස 58ක් වෙති . අපි ඇගේ පියා නොහොත් විජේසිරි මහතාගෙන් අයෙශාගේ වැඩි විස්තර විමසා සිටියෙමු. ඔහුගේ පියා පැවසුවේ කුඩා කල සිටි අයේෂා ඉතා කිකරු දරුවෙක් වුන අතර , ඇයගේ එකම අරමුණ වුයේ ගුවන් සේවිකාවක් වීම බවයි . උසස් පෙලින් ගණිත අංශයේ ලංකාවේ තෙවෙනි තැන හිමිකරගත් වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවේ එංගලන්තේ ඔක්ස්වර්ඩ් විශ්ව විද්‍යාලයේ බව ඔහු පවසා සිටියහ. දැනට වයස 25 ක් වන අයේෂ කෙසේ හෝ එම සිහිනයා සැබෑ කරගත් අතර මාස 11ක් සිට ඇය එයාර්- එමිරේට්ස් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක් වශයෙන් රැකියාවේ නියැලෙන බව ඔහු වැඩි දුරටත් පවසා සිටියහ.
කේසේ හෝ පසුගිය ජුලි 6 වන දින තම නිවසට හදිස්සියේ කල්ලියක් පැමිණ , මගේ දුවව මහින්ඳ මහත්තයාගේ ප්රචාරක කටයුතු සඳහා අවශ්‍ය වන බවත් , එයට අකමැති නම් අපට කුරුණෑගල ප්‍රදේශයෙන් බැහැර වෙනත් පළාතකට පදින්චියකට යනමෙන් ඔවුන් තර්ජනය කල අතර , තමා දුවව වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුකලේද අහල පහල අයගෙන් ණයවී බවත් , එම නිසා හදිස්සියේ වෙනත් පළාතකට යාමට තරම් තමන් ළඟ සල්ලි නොතිබුණු නිසාත් , අකමැත්තෙන් හෝ තමන් මේ දේ ට කැමති වූ බවයි.
ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ , දැන් දින 33 ක් සිට ඈ තම සිහින රස්සාව වූ ගුවන් සේවක රස්සාවෙන්ධ බැහැර වී සිටින අතර, සමාජයේද විකට චාරිතයක් බවට පත්වී ඇති බව ඔහු පැවසුවේ " මෙව්වා මාධ්‍යට කියන්න ගියානං අපිව වෙඩි තියලා මරයි මහත්තයෝ " යනුවෙනි.
උපුටා ගැනීම : ජනිත් දිසානායකගේ facebook පිටුවෙනි.
Comment
Facebook Comment