Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රාජපක්ෂ පවුල තැතිගන්වමින් තාජුඩීන් ගොඩ එයි.


ඝාතනය කළැයි සැකකරන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය අද (10) පෙරවරු 7.30ට ඇරඹී ඇති අතර පෙරවරු 9.50ට පමණ දෙහිවල පල්ලියේ පිහිටි සුසාන භූමියේ දී ගොඩ ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාහක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.

එම ස්ථානයේ සිටි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ තාජුඩින්ගේ දේහය පරික්ෂණ කටයුතු සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට රැගෙන ගිය බවයි.

කෙසේ නමුත් එම ද්හය ඔහුගේම බවට ඔහුගේ සහෝදරියකද සහෝදරයෙක්ද අඳුනාගෙන තිබේ.

ඉස්ලාම් සිරිතට අනුව සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයාද එම දේහය මිහිදන් කිරීම සඳහා වළ කැපූ  නගරසභා කම්කරුවන් දෙදෙනාද පල්ලියේ සේවකයන් දෙදෙනාද එම ස්ථානයට පැමිණ සිට ඇත. තම සහෝදරයාගේ සිරුර මිහිදන් කළ ස්ථානයේ එදා සිටවූ කොහොඹ ගස ඔහුගේ සහෝදරිය හා සහෝදරයා අඳුනා ගත් අතර එම ගස අඩි 12ක් පමණ උසට වැඩී තිබූ බව වාර්තා වේ. වළ මැද සිටවා තිබූ කොහොඹ ගස ඉවත් කිරීමෙන් පසු වළ හෑරීම ආරම්භ වී ඇත.

සිරුර ගොඩගැනීමට පෙර ඉස්ලාම් සිරිතට ඉස්ලාම් මව්ලවිවරුන් යාඥා කළ බවත් සිරුර අවමංගල රියේ තැන්පත් කරද්දීත් යාඥා පැවැති බවත් වාර්තා වේ.

එදා සිරුරේ අවසන් කටයුතු කළ පුද්ගලයා කී තොරතුරු අනුව සිරුර දකුණු ඇලයට හරවා තිබිණි.

පිළිස්සී තිබූ සිරුර ඉටි රෙදි වලින්ද සුදු රෙදි මීටර් 11කින්ද දැවටූ බවත් මුහුණද වැසූ බවත් ඔහු කියා තිබිණි. සිරුර ගොඩගන්නා විටද සිරුර එසේම තිබී ඇත. ප්‍රධාන අධිකරණ නිලධාරී ජිත් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ වෛද්‍ය නිලධරයෝ කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගී වී තිබේ.

පතුල නැති දිරා ගිය ලෑලි ආවරණයක්ද සිරුර සමග තිබී ඇති අතර එයද සිරුර තැන්පත් කළ තැනැත්තා කිවූ විස්තර හා සැසඳෙන බවත් එම ස්ථානයේ පස් හා වැලි සාම්පල්ද පරීක්ෂණයට ලබාගත් බවත් පැවසේ.

තාජුඩීන් ඝාතන පරීක්ෂණය අපක්ෂපාත ලෙස සිදුකර සාධාරණය ඉටු කරන්නැයි ප්‍රදේශවාසීහු පිරිසක් මුස්ලිම් පල්ලිය අසල නිහඬ උද්ඝෝෂණයක්ද කළහ.

මෙම ගොඩගත් දේහය ඔහුගේමද යන්න සම්බන්ධයෙන් සැකයක්පවතින බවට ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබූ නිසා එහි සැක හැර දැනගැනීම සඳහා අවශ්‍ය නම් ඩී.එන්.ඒ පරීක්ෂණයකුත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment