Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්දට හොඳ වැඩේ.

මහින්ද රාජපක්ෂ පරාජයට පත්වුයේ ඔහුගේම වරදින් බවත් ඔහු තමන් අතුළු පිරිස යෝජනා කළ දෑ ගණනකට නොගත් බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංස අද (30) පැවති මාධ්‍ය හමවකදී පවසා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස වාඩිවීම සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීයෙකු නැගූ පැණයකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය විමල් වීරවංස මෙසේ පවසා තිබේ.

“අපි එතුමාට ප‍්‍රසිද්ධියේ වගේම අප‍්‍රසිද්ධියේත් උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර අපි යෝජනා 12ක් ගෙනල්ලා යම් උත්සාහයක් දැරුවේ මේ අවධානම දුටු නිසයි.

මැතිවරණයට කවදා ගියත් ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයක් කි‍්‍රයාත්මක කරලයි යා යුතුව තිබුණේ. අවුරුදු දෙකකට කලින් ගියත්, පස්සේ ගියත් යන්නේ නිකං නම් ඒ ප‍්‍රතිඵලයම තමයි ලැබෙන්නේ.

රට බලාපොරොත්තු වූ වෙනස්කම් කරලා ගියා නම් රටේ සංවාදය අලුත් වෙනවා. ඒත් මැතිවරණයට ගියේ ඒ එන්නත විදලා නෙවෙයි. අලුත් එන්නත විදලා ගියා නම් අවුරුදු දෙකකට කලින් ගියත් පස්සේ ගියත් දිනනවා. නොවිද ගියානම් කවදා මැතිවරණයට ගියත් පරදිනවා. රජය යා යුතුව තිබූ න්‍යාය පත‍්‍රය තේරුම් ගැනීමට අවාසනාවකට වගේ සමහර කොටස්වලට බැරිවුණා.“

Share on Google Plus

Right to Reply