Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහා ප්‍රඥයා සහ ඩීල් ප්‍රඥයා...


ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක්වුණු ඇවන්ට් ගාර්ඩ් ආයතනයේ සභාපති නිස්සංක සේනාධිපති සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අතර කිසියම් සම්බන්ධයක් පවතින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මීට ඉහතදී කරුණු දක්වා සිටියේය. 

තත්වය මෙසේ තිබියදී මෙවර මහ මැතිවරණයේදී  අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහයුම් කාර්යාලයක් ලෙස පවත්වාගෙන යනු ලබන නාවල පිහිටි තට්ටු ගොඩනැගිල්ලේ සම හිමිකාරිත්වය පවතින්නේ මෙම නිස්සංක සේනාධිපති හා විජේදාස රාජපක්ෂට බව කරුණු හෙලිවී තිබේ.

මෙම ගොඩනැගිල්ලේ යටි මහලේ ඩයලොග් ආයතනයේ කාර්යාලයක් පවතින අතර ඉතිරි මහල් සියල්ලම මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා ස්තාපිත කොට ඇත්තේ විජේදාස මහතාගේ වැඩිමහල් පුත් රකිත රාජපක්ෂ විසිනි. සයිබර් අවකාශයේ විපක්ෂයේ පිරිස් වෙත හා තම පක්ෂයේම ක්‍රියාකාරී දේශපාලන චරිතයන් අමු අමුවේ ඝාතනය කිරීමේ නින්දිත ක්‍රියාවේ යෙදී සිටින මොහු ඒ සදහා මෙම ස්ථානයේ පිරිස් හසුරවන බවටද තොරතුරු ඇත.

මේ සදහා මුල්‍යමය ප්‍රතිපාදන සලසා ගනු ලබන්නේ පසුගිය රජයේ ප්‍රබල ආධාරකරුවෙකුවුණු Access ආයතනයේ හිමිකරු සුමල් පෙරේරා මගිනි. මෙම සබදතාවය ගොඩනගාගනු ලබන්නේ වත්මන් ජනාධිපතිතුමන් චීනයේ සංචාරය කරන අතරතුරදී සුමල්ගේ මැදිහත්වීමෙන් මෙම රකිත ඇතුළු පිරිසට චීන සංචාරය සදහා අනුග්‍රාහකත්වය ලබාගැනිමෙන්ය. 

පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති පුත් හා බෑණා සමග සමීප ඇසුරක් ගොඩ නගාගන්නා මොහු, ජනාධිපතිතුමාගේ මාධ්‍ය ලේකම් තනතුරක් ලබාගන්නේ මාධ්‍ය පිළිබද කිසිදු අවබෝධයක් නැතිවය. සිය පියා මෙන්ම මෙගාඩීල් අඩි පාරේ යන මොහුගෙන් තම පවුලේ සාමාජිකයන් ආරක්ෂා කරගතයුතු බව ජනාධිපතිතුමා දැනටමත් අවබෝධ කරගෙන ඇති බවද දැනගන්නට ඇත. සමාජය හමුවේ මහා ප්‍රඥයායයි කියා ගන්නා මෙවන් දෙබිඩි චරිත සහ ඔවුන්ගේ පුත්‍රයන් පිළිබඳව ජනතාව ඉදිරියේදී තම වගකීම ඉටුකරනු ඇත. 


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP