Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

හිටපු ලේක්හවුස් සභාපතිගෙන් ‘රිවිර' ට ලන්සුවක්.


හිටපු ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා ‘රිවිර මීඩියා කෝපරේෂන්' සමාගම මිලදී ගැනීම සඳහා ලන්සුවක් ඉදිරිපත් කර ඇතැයි එම පුවත්පතේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. රිවිර පුවත්පත් සමාගමේ සැබෑ හිමිකරුවා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමතා බන්දුල පද්මකුමාර මහතා මෙම ලන්සුව ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය වසරේ මේ කාලය වන විට මහින්ද රාජපක්ෂ මහතාට ‘එච්.ඊ.' හෝ 'සර්' යනුවෙන් ආමන්ත්‍රණය කරමින් සිටි බන්දුල පද්මකුමාර මෙම ලන්සුව ඉදිරිපත් කිරීමට කතා කළ අවස්ථාවේදී ‘මහින්ද අය්යේ රිවිර පත්තරේ පිටට දෙන්ඩ එපා. අය්යට අවශ්‍ය ගාන කියන්න ඒ ගානට මම ගන්නම්' යනුවෙන් පවසා ඇති බව ඉහත කී ආරංචි මාර්ග සඳහන් කර සිටී. රිවිර පත්තරය පවත්වාගෙන යාමට තවදුරටත් තමාට සල්ලි යෙදවිය නොහැකි බව එහි කතෘ සිසිර පරණතන්ත්‍රී මහතා අමතා ඇති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනක සඳහන් කර තිබේ. බන්දුල පද්මකුමාර මහතා තම ලන්සුව ඉදිරිපත් කර ඇත්තේ ඉන් අනතුරුවය.

රිවිර මීඩියා කෝපරේෂන් සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් 45% ක් හිමිව පවතින්නේ කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය මහතාටය. තවත් 40% ක කොටස් ප්‍රමාණයක් හිමිව ඇත්තේ නිලංක රාජපක්ෂ නැමැති තවත් මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතියෙකුටය. ඉතිරි 15% කොටස් අයිතිය රිවිර මීඩියා කෝපරේෂන් හි පලමු අයිතිකරු වන සේන යද්දෙහිගේ මහතාට හිමිව තිබේ. එම කොටස් අයිතිය මිලදී ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසන්න වික්‍රමසූරිය මහතාව අරලියගහ මන්දිරයට කැඳවා පෝර උරවල දමා මුදල් ලබාදී ඇතත් එයින් වැඩි ප්‍රමාණයක් කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය යටමඩි ගසා ගෙන ඇත්තේ ඒවා කළු සල්ලි බව හොඳකාරවම දන්නා නිසාවෙනි. මේ පිළිබඳව විමසීමට පවා කර්නල් ප්‍රසන්න වික්‍රමසූරියව ඇමරිකාවේ හෝ සොයා ගත නොහැකි ආකාරයට අතුරුදන් වී ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

බන්දුල පද්මකුමාරගේ ලන්සුව පිළිබඳව තම සමීපතමයන්ට අදහස් දක්වා ඇති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ ‘මගේම අරක්කු මටම විකුණනවා' කියාය.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP