Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සමන් ආතාවුදහෙට්ටි පන්තියේ ෆේල් වූ එකාගෙන් ටියුෂන් ගන්න ගිහින්..!


පසුගියදා චීනයේ සංචාරයක යෙදෙමින් සිටි ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් එහි සිට ලංකා ඊ නිව්ස් ඇමතුවේය. රාජපක්ෂ රෙජීම සමයේ දී තිබූ මර්දනය හමුවේ ලංකාවෙන් පිට වූ ගමන් ලංකා ඊ නිව්ස් අමතා රටේ තත්ත්වය ගැන වාර්තා කිරීමට පුරුදු වී සිටි ඔහු තවමත් අප අමතන්නේ ලංකාවෙන් පිටවූ පසුය. ලංකාවේ තතු කියමින් සිටි ඔහු අප සමග කීවේ ඔහු චීනයට පා තැබූ දා එහි සිටි මානව හිමිකම් පිලිබඳ ප්‍රකට නීතිවේදියෙකු චීන රජය විසින් රාජ්‍ය විරෝධී චෝදනා යටතේ අත් අඩංගුවට ගත් බවයි. චන්දයෙන් පසු ලංකාව දැන් ඒ අතින් චීනයට වඩා කෙතරම් ඉදිරියෙන් සිටින්නේ දැයි ඔහු කීවේය.

ඉහත පූර්විකාව සටහන් කෙළේ අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය විසින් අද නිකුත් කරන ලද නිවේදනයක් කියැවීමෙනි.  අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් ආතාවුදහෙට්ටි මහතා චීනයේ කරන ලද සංචාරයකින් පසු එය නිකුත් කර තිබිණ. එහි ආරම්භය මෙසේය.

“ශ්‍රී ලංකාවේ නව රජය ක්‍රියාත්මක කරන දූෂණ විරෝධී වැඩ පිළිවෙල පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ චීන කොමියුනිස්ට් පක්‍ෂය, ඒ සඳහා චීනයේ පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව අවධාරණය කළේ ය.  චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෆෙංශියං මහතා (cheng Fengxiang) මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.

අතාවුදහෙට්ටි මහතා කළ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකාවේ දූෂණ මර්ධන වැඩ පිළිවෙලට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසකට චීනයේ විශේෂඥ පුහුණුවක් ලබා දීමට ද චීන බලධාරීහු එකඟත්වය පළ කළහ. චීන ජනාධිපති ෂි ජින්පිං මහතා (Xi Jinping) ක්‍රියාත්මක කරලන දූෂණ විරෝධී වැඩ පිළිවෙල පිළිබඳව ශ්‍රී ලංකා නියෝජිත පිරිස තම ප්‍රසාදය පළ කළ අතර, ඒ කාර්ය සැලසුම් සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැණින.“  (මාධ්‍ය නිවේදනයේ උපුටා ගැනීම අවසන්ය.)

ඉහත නිවේදනය අනුව දැන් ලංකාවේ දූෂණ මර්දනයට පුහුණුව ගන්න යන්නේ චීනයෙන්ය. නමුත් ලෝකයේ දූෂනය සම්බන්ධයෙන් රටවල් වර්ග කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සංවිධානය අනුව 2013 දී සහ 2014 දී ලංකාව සහ චීනය වර්ග කර ඇත්තේ මෙසේය. 

2013 දී දූෂණය අතින් රටවල් 175 ක් අතුරින් ශ්‍රී ලංකාව සිටියේ 91 වන ස්ථානයේය. එය 2014 වන විට 85 වෙනි ස්ථානය දක්වා ප්‍රගතියක් ලබා ඇත.

2013 දී දූෂණය අතින් රටවල් 175 ක් අතුරින් චීනය සිටියේ 80 වන ස්ථානයේය. එය 2014 වන විට 100 වෙනි ස්ථානය දක්වා පල්ලම් බැස ඇත.

2015 වසර වෙනුවෙන් තවමත් වර්ගීකරණයක් කර නැති අතර 2014 අවසාන වර්ගීකරණය අනුව ලෝකයේ දූෂනය අවම රටවල් අනුපිලිවෙල අනුව පළමු 15 මෙසේය. 

1- ඩෙන්මාර්කය
2- නවසීලන්තය
3 -පින්ලන්තය
4- ස්වීඩනය
5- නොර්වේ
6- ස්විට්සර්ලන්තය 
7- සිංගප්පූරුව
8- නෙදර්ලන්තය
9- ලක්සම්බර්ග්
10- කැනඩාව
11- ඕස්ට්‍රේලියාව
12- ජර්මනිය
13- අයිස්ලන්තය
14- එංගලන්තය
15- බෙල්ජියම 

එසේනම් ලංකාවේ දූෂණ මර්දනය වෙනුවෙන් අප විශේෂඥ පුහුණුව ලබා ගත යුත්තේ අප වර්ධනයක් ලබා ගනිද්දී අපටත් වඩා පල්ලම් බැසගත් 100 වෙනි ස්ථානයේ සිටිනා චීනයෙන්ද? නැතිනම් ඉහත කී රටවල් 15 න් එකකින්ද? අඩුම ගණනේ මේ සඳහා අප පුහුණුව ලැබිය යුත්තේ කලාපයේ අප ආසන්න රටක් වන ඉහත වර්ගීකරණයේ 7 වෙනි ස්ථානයේ සිටිනා සිංගප්පූරුවෙන් හෝ නොවන්නේද? ඉහත ලැයිස්තුවේ ලංකාවේ අය නොදන්නා චීන බසට වඩා ඉංග්‍රීසි බස කතාකරන රටවල් 5 ක්ම තිබේ. 

අප චීනයට පරම්පරා ගණනක් ණය වී සිටින බව සත්‍යයක් නමුත් මානව හිමිකම් නීතිඥයන් රාජ්‍ය විරෝධීන් ලෙස සලකන අපටත් වඩා දූෂණයෙන් භරිත චීනයෙන් දූෂණ මර්දනය ගැන ලබා ගත හැකි විශේෂඥ දැනුමක් නැත. එය පන්තියේ ෆේල් වූ එකාගෙන් ටියුෂන් ගන්නවා වැනි ක්‍රියාවකි. වෙනත් දක්ෂතා වලින් චීනයෙන් ලබා ගත හැකි විශේෂඥ දැනුමක් නැතැයි නොකියමු.

අතිරේක අග්‍රාමාත්‍ය ලේකම්තුමා කොණ්ඩය ගසා දමා අවුල් ලිහා පීරා සැහැල්ලු වූ වේලාවක මේ සම්බන්ධයෙන් නිරවුල්ව කල්පනා කරනු ඇතැයි සිතමු. රාජපක්ෂලා කළ වැරදි යහපාලකයන්ද කරගෙන යෑමෙන් ලබා ගත හැකි ප්‍රගතියක් නම් නැත.

Lanka E news

(අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ චෙන් ෆෙන්ශියං මහත්වරුන් බෙයිජිං නුවර චීන කොමියුනිස්ට් පක්‍ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු මූලස්ථානයේ සාකච්ඡා පවත්වනු සේයාරුවේ දැක්වේ.)

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP