ඇවන්ගාර්ඩ්, අතුල සහ අමායා.


අවන්ගාඩ් පිළිබද මේ දිනවල ලොකු හා හුවක් යනවාය , කඩචෝරුකාරයාටනම් මේ ගැන කීමට ඇත්තේ මේ ටිකය.
.............
චම්පිකගේ කටේත් ගල් අගුරු මෙන්ම වාහන දුම පරිකශාවෙන් එන කොමිස්
විජේදාසගේ කටෙත් අවන්ගාඩ් කොමිස්
රාජිතගේ කටෙත් මාළු සහ ධිවර ආම්පන්න වලින් ගහපු කොමිස්
පොන්සේකාගේ කටේත් සිරසෙ මහ උන්දෑගෙන් ලැබෙන සන්තෝසම්
අනුර කුමාරගේ කටෙත් සිරසේ මහ උන්දැගෙන් ලැබෙන වරදාන
මාර-පන ගේ කටේ කොහොමත් රාජපක්ෂලාගෙන් ලැබෙන කොමිස්
.............
ප.ච රණවක නොහොත් අවස්ථාවාදී දේශපාලකයා අලි පාටියෙන් චන්දෙ ඉල්ලීමට පැමිණෙන්නේ දුෂණයට විරුද්ධ නිසාවත් රටගැන ඇති කැක්කුමටත් නොව සන්දාන පාටියෙන් ඉල්ලුවොත් ඇප නැතිවන නිසාය.ලක් විජය නැමති විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය සහ කොන්තරාත්තුව තම හිතවතුන්ට ලබාදෙමින් කෝටි ගණනක අලාබයක් රජයට සිදු කළේ කවුරුන්ද යන්න ජනහමයා වන ඔබ තීරණය කල යුතු වනවාය.වාහන වල දුම් පරීක්ෂාවට කියා අළුත් මගඩියක් රටට හඳුන්වා දී එම කොන්ත්‍රාත්තුව තමන්ගේ හෙංචයියන්ට ලබා දුන් ශුද්ධවන්තයා කවුරුන්ද යන්න ජනහමයා වන ඔබ තීරණය කල යුතු වනවාය
...................
ඩිල්දාස රාජපක්ෂ යනු පසුගිය රාජපක්ෂ ආණ්ඩුසමයේ විපක්ෂය මෙල්ල කිරීමට රාජපක්ෂවරුන් විසින් එවන ලද පිල්ලියකි. මොහුගේ සියලු යටගියාව පරික්ශා කලේ නම් මේ පිළිබද හොද අවබෝධයක් ලබාගත හැක. මොහුගේ දිර්ගකාලින වියාපාරික සගයා වන්නේ අවන්ගාඩ් සමාගමේ හිස්ශංක මගඩ්පතිය. එනම් මේ මගඩ්පතිට සහ ඩ්ල්දාස රාජපක්ෂට අයිතිය හිමි නාවල (දැනට ඩයලොග් සමාගමේ ශාකාවක් පවත්වාගෙන යනු ලබන) ගොඩනැගිල්ල මොවුන් දෙදෙනාට අයත් ය. එමෙන්ම ශ්‍රීලංකා ගුවන්හමුදාවේ ගුවන්යානා වලට අමතරකොටස් ගෙනෙන ජාවාරම මෙම ඩ්ල්දාසගේ ප්‍රදාන ආදායම් මාර්ගය වේ.මොහොතක් කල්පනා කර බලන්නේනම් මෙවැනි වියාපාර පසුගිය රජය සමයේ සිදුකිරීමට නම් මෙම ඩිල්දාසට එම ආණ්ඩුවේ ප්‍රබලයින් සමග විශාල ලෙස ඇයි හොදයි කම් පවත්වාගත යුතු වේ
මෙය සනාත වන කරුණ ඔහුගේ මුවින්ම අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය , එනම් පොන්සේකා සිරගතව සිටින සමයේ ඔහු බැලීමට එම ස්ථාන වලට යාමට පසුගිය රජය විසින් අවසර ලබාදී ඇත්තේ මෙම ඩ්ල්දාසට හා පොන්සේකාගේ බිරිදට පමණක්ය. ඉතින් තවත් සාක්ෂී කුමටද ? මොහු එදා පෙනිසිටියේද රාජපක්ෂ වරුන් වෙනුවෙන්ය අදත් එය එසේමය 
............
පාරජිත රාජිතගේගේ කැරට්ටුවද ඉහත කි ප.ච රණවක මෙන්මය මෙමෙ අවස්ථාවාදී දේශපාලකයා ද අලිපාටියෙන් චන්දෙ ඉල්ලීමට පැමිණෙන්නේ දුෂණයට විරුද්ධ නිසාවත් රටගැන ඇති කැක්කුමටත් නොව සන්දාන පාටියෙන් ඉල්ලුවොත් ඇප නැතිවන නිසාය. 
ශ්‍රී ලංකාවේ මුහුදේ මාළු බෑමට විදේශ නැව් වලට ඉඩ දී ලංකාවේ මාළු අපනයනයට තහංචි වැටෙන තැනට ක්‍රියා කළ අම්බරුවා කවුද යන්න ජනහමයා වන ඔබ තීරණය කල යුතු වනවාය.
ලංකාවට ලැබෙන්නට තිබූ අදායම අහිමි කර අදටත් මාලදිවයිනේ, චීනයේ සහ තායි මාළු ව්‍යාපාරිකයින්ගෙන් සංතෝශම් ලබා ගන්නේ කවුද යන්න ජනහමයා වන ඔබ තීරණය කල යුතු වනවාය.
................
පොන්සේකා යනු සිරසේ කිලිගේ පදේට නටනා තවත් රූකඩයක් පමණි, වර්තමාන රජයෙන් ඔහුට නිවසක් ලබාදීමට පෙර ඔහු ජිවත් වුයේ සංජීව රණතුංගට හිමි නිවසකය . එම නිවස වෙනුවෙන් පෙනීසිටියේ මව්බිම පත්තර කඩමාල්ලේ අයිතිකරු ටිරාන් අලස් සහ කිලිය. සංජිව රණතුංග යනු සිරසේ කිලිගේ ගෝලයෙකි. පසුගිය මැතිවරණයේ පොන්සේකා අන්තපරාජයට පත්වුයේ ද කිලිගේ පදේට නටන්නට ගොස්ය. කිළිට අවශ්‍ය වී ඇත්තේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන්ගේ අගමෙහෙසිය මාර්ගයෙන් මෙම අවන්ගාර්ඩ් ආයතනය මහරාජා ආයතනයට ලබාගැනීමටය, ඒ සදහා ඔවුන් විසින් පොර්ට් සිටියට දැක්වූ හුදු විරෝධයම අවන්ගර්ඩ් සිද්දියට ද යොදාගනිමින් බ්‍රේකින් නිව්ස් ගසමින් අකුරට ඉටු කරයි . සිරසේ කිලිගේ පොර්ට් සිටි විරෝධය නතරවන්නේ ඩොලර් මිලියන 300ක පොර්ට් සිටි කැම්පේන් එක චීන කොම්පැන්නිය විසින් කිළිට ලබාදීමත් සමගය. එදා සිට පොර්ට් සිටිය සිරසේ කිළිට අනුව ලෝකයේ තියෙන හොදම වියාපෘතිය විය. පොන්සේකා මේ පෙනීසිටින්නේ එවැනි කූට වියාපරිකයෙකු සහ මාධ්‍ය ගණිකා සේවයේ යොදවන අධමයෙකු වෙනුවෙන්ය.
......................
ලපකුමාර නොහොත් අනුර සහ ඔහුගේ ගෝලයා වන වපර සමරසිංග මේ වනවිට සිදුකරන්නේ ද සෝමවංශ පක්ෂයෙන් පැන්නීමට උදව් කල සිරස හිමිකරු වෙනුවෙන්ය, එනම් සෝමවංශට රතන සහ චම්පිකගේ අලුත් සන්දානය පෙන්වා ඒ වෙනුවෙන් රාත්‍රී දෙකක් හමුවිම්ද පවත්වා දින දෙකකින් එම සන්දානය අටවන බව පොරොන්දු වී සෝමවංශ ජෙවිපියෙන් එලියට ගෙන ඔහුව නන්තත්තාර කිරීමේ කටයුත්තට උදව් කල කිළිට ජේවීපිය විසින් ගෙවියයුතු වන්දිය මේ වනවිට ලපකුමාර විසින් ගෙවමින් පවතී.
...............
මාරාගේ අවතාර වලට පනදෙන (මාර-පන) යනු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට නොගැලපෙන චරිතයකි. එනම් 2001 ඔවුන්ගේ ආන්දඩු කාලයේද මොහුගේ හැසිරීම මෙවනිමය. එකලද මොහු පෙනීසිටියේ විශාල වියාපරිකයන් වෙනුවෙන්ය. විවධ දුෂණ චෝදනා පවතී එකල මැති ඇමතිවරු සහ ඩිල් කරුවන්ට මාරපන යනු දෙවියෙක් විය. ඔහුගේම වචනයෙන් පවසනවා නම් ඩිල් කරුවන් සියලු දෙනා (මාගේ සේවාදායකයන්ය)
...............
මෙම අවන්ගාඩ් සිදුවීම පිළිබද අප කිසිම පාර්ශවයක සුදුහුණු ගෑමට යන්නේ නැත, මෙය තනිකර නීතිවිරෝධී දුෂිත ආයතනයකි. ඒ වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් එයට නිසි පිළිතුර ජනතාව විසින් ලබාදෙනු ඇත. 
.............
මෙම සිද්දීන් වලට මුවාවී රටේ ප්‍රධාන පුරවැසියා මද්ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අතකොලුවක් වී , එම ජාවාරමට එරෙහිව ප්‍රබල හඬක්‌ ගෙනගිය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉවත් කරන්නේ නම් සහ තම පක්ෂය බලයට ගෙන ඒමට දේශපාලන අවස්ථාවාදීන් යොදාගෙන යටි කුට්ටු වැඩ මගින් ඔවුන්ව මෙහෙයවන්නේ නම් අපට අසන්නට ඇත්තේ "ඔබගේ යහපාලනය මෙයද ?" යන්නය.
..............
අගමැතිට අපට කියන්නට ඇත්තේද පසුගිය රජය සමයේ සිදුවූ සියලු දුෂණ,අපරාධ ගැන සහ මෙම චෝදනා ලත් ඩිල්දාස ,වරිජ අබේවර්ධන ,තිලක් මාරපන යන්න වුන්ට නිතිය කෙලින් ක්‍රියාත්මක කල නොහැකි නම් ඔය අගමැති කම ළමයෙකුට දුන්නා නම් හොදය යන්නය.නැතහොත් ඊයේ දින සුමන්දිරන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ කී පරිදි ම මේ ආණ්ඩුව තව අවුරුදු දෙකක්වත් නොපවතිනු ඇත....
..............
එමෙන්ම හෙජින් ගනුදෙනුව, මිග් යානා ගනුදෙනුව, බැසිල්, සජින් වාස්, නාමල්, යෝෂිත, රෝහිත, ශිරන්ති, ශෂීන්ද්‍ර, ඩිලාන්, වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, එස් බී, එකී නොකී සියලු අයවළුන්ගේ හොරකම් සිද්දි වලදී මියට පිම්බාක් මෙන් සිටින පචරණවක ,පරාජිත රාජිත,පොන්සිකා,,ලප කුමාර, වපර සමරේ, යන අවස්තාවාදින්ට අපට කියන්නට ඇත්තේ....
.................
උබලා බබාලා අපි බෝනික්කොය යන්නය
...................
අතුල අමායා හැරයන්නේ ජොන්ස්ටන්ට ඇමතිකම නැති වුනු කලය.
ටයිසන්ලාට පොර්ට් සිටිය අමතක වන්නේ එය තම ස්වාමියාට ලැබුණු කලය. 
............
ජනවාරි 8 විප්ලවය වෙනුවෙන් 
කඩචෝරුකාරයා.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment