මහින්ද සෙවූ බූරුවා !
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයේ සිටි සමයේදී දිනක් ඔහු සිය මාධ්‍ය අධ්යක්ෂවරයාට කතාකර “අර බූරුවට එන්න කියනවා” යනුවෙන් කොපයෙන් කෑ ගසා තිබේ.
රාජපක්ෂ මහතාට කේන්ති ගොස් ඇති බව මාධ්‍ය අධ්යක්ෂවරයාට අවබෝධකරගත හැකි වුවද ඔහු බූරුවා යැයි පවසමින් සොයන අය කවුරුන්ද යන්න වටහාගත නොහැකි වී තිබේ.
මදක් රාජපක්ෂ මහතා අසල රැඳුන ඔහු රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාගේ සිට සියලුදෙනාගෙන්ම හිටපු ජනපතිවරයා මේ සොයන්නේ කවුරුන්දැයි විමසා ඇත.
කෙසේවුවද මාධ්‍ය අධ්යක්ෂවරයාට සොයන පුද්ගලයා සොයාගත නොහැකි වුවද රාජපක්ෂ මහතා කෝපයෙන් පසුවන්නේ විදුලි සංදේශ ගැටලුවක් ගැන බව සොයා ගැනීමට හැකිව තිබේ.
මුලින් මාධ්‍ය අධ්යක්ෂවරයා සිතා ඇත්තේ රාජපක්ෂ මහතා බූරුවා යැයි කීවේ රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයාට බවයි.
රාජපක්ෂ මහතාගේ කොපය පහවගිය පසුව මාධ්‍ය අධ්යක්ෂවරයා සර් බූරුවා කියල කාට එන්න කියන්න කිව්වේ යැයි විමසා තිබේ.
පසුව හිටපු ජනපතිවරායා නියාමන කොමිසමක අධ්යක්ෂජනරාල්වරයකුගේ නම කියමින් ඔහුට යැයි පවසා ඇත.
Comment
Facebook Comment