Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රවිගේ විශ්වාස භංගය අතුරුදන් - Ravi K


ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 45 දෙනකු අස්සන් කරන ලද මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාට භාරදුන්නේ පසුගිය සිකුරාදා සවස් කාලයේදීය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම පාර්ලිමේන්තුවේ පිහිටි කතානායක කාර්යාලයට ගොස් මෙම විශ්වාසභංග යෝජනාව භාරදීමට පියවර ගත්හ.

මෙම විශ්වාසභංග යෝජනාව අස්සන් කරගෙන යද්දී සිදු වූ විශේෂම මෙන්ම රසවත්ම සිදුවීම වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 31 දෙනකු අස්සන් කර අවසන් වූ විට මෙම විශ්වාසභංග යෝජනාව අතුරුදන්වීමයි.
මෙවර අය-වැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කර දී තියෙන මුදල පිළිබඳ මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව නොමඟ යවා තිබෙන බව පවසමින් මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සකස් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාය.
පසුගිය අඟහරුවාදා මෙම විශ්වාසභංග යෝජනාවට ප්‍රථමයෙන්ම අස්සන් කරන ලද්දේ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාය. ඉන්පසුව බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර මහත්වරු ඊට අස්සන් තැබූහ.

මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් ලබාගැනීමට පෙර බන්දුල ගුණවර්ධන මහතා අතින් ලියන ලද යෝජනාව පරිගණකයෙන් මුද්‍රණය කරගැනීම බරපතළ ප්‍රශ්නයක් විය.

"මාර වැඩේ මේ විශ්වාසභංග යෝජනාව මං අතේ තියාගෙන හැම තැනම ඇවිදිනවා. මේක ටයිප් කරගන්න විදියක් නැහැ" බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා හිතවත් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට කීවේය.

"ඔබතුමා විපක්ෂ නායක කාර්යාලයට ගියා නම් හරිනේ" අනෙක් මන්ත්‍රිවරයා බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාට කීවේය.

"නියමෙට තියෙයි. එහේ මේක ටයිප් කළොත් මටත් ලැබෙන්න කලින් රවිගේ අතට මුල්පිටපතම යයි" යනුවෙන් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ සිනහ සෙමිනි.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව තුළදීම කාටත් හොර රහසේ මෙම විශ්වාසභංග යෝජනාව ටයිප් කර සකස් කිරීමට බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා පියවර ගත්තේය.

මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් තබා ගැනීම භාර කෙරුණේ විශ්වාසභංග යෝජනාවලට අස්සන් ලබාගෙන මනා පළපුරුද්දක් තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාටය.

මීට පෙර දින 100 ආණ්ඩුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය රවි කරුණානායක, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග යන මහත්වරුන්ට එරෙහිව සකස් කරන ලද විශ්වාසභංග යෝජනාවලට අස්සන් එකතු කරන ලද්දේද රංජිත් සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසිනි.
රංජිත් සොයිසා මන්ත්‍රිවරයා කෙතරම් මෙම විශ්වාසභංග යෝජනා පරිස්සම් කරනවාද කිව්වොත් එදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් එළිවෙනතුරු සිදුකරන ලද විරෝධතාවයේදී රංජිත් සොයිසා මහතා නිදාගත්තේ විශ්වාසභංග යෝජනා අඩංගු ෆයිල් කවරය උඩ හිස තබාගෙනය.
එම නිසා මෙවර මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අස්සන් එකතු කිරීමේ කාර්යය පැවැරුණේද රංජිත් සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාටය.

ඉතා උපක්‍රමශීලීව රහසිගතව මේ වැඩේ සිදුකළ යුතු නිසා රංජිත් සොයිසා මහතා ෆයිල් කවර කිහිපයක්ම තම අතේ තියාගෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිටින ස්ථානවලට ගමන් කළේය. පාර්ලිමේන්තුවේ සභාගර්භය, මන්ත්‍රිවරුන්ගේ පැලඳුම් කාමර මන්ත්‍රිවරුන්ගේ භෝජනාගාරය, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පුස්තකාලය, පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ ආලින්දය ඇතුළු බොහෝ ස්ථානවලට ගොස් විශ්වාසභංග යෝජනාවට අස්සන් ලබාගැනීමේ කටයුතු සිදුකළේය.

සමහර ජනතා නියෝජිතයන් කිසිම කතාවක් නැතිව මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් කරන ලද අතර කිහිපදෙනකු මෙම විශ්වාසභංග යෝජනාව ගැන කිසිවක්ම දැන සිටියේ නැත. නොදැන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විශ්වාසභංග යෝජනාවේ අරමුණ ගැන පැහැදිලි කිරීමට සිදුවූයේද රංජිත් සොයිසා මහතාටය.

පාර්ලිමේන්තුවේ සභාගර්භයේ සමහර මන්ත්‍රිවරුන් සිටින විට විශ්වාසභංග යෝජනාව අතින් අත යැවීමටද කිසිවකුට සැක නොසිතෙන ආකාරයෙන් කටයුතු කිරීමටද රංජිත් සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වගබලා ගත්තේය.

අඟහරුවාදා සවස වනවිට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 31 දෙනකු මෙම විශ්වාසභංග යෝජනාවට අස්සන් කර තිබිණි.

රංජිත් සොයියා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කොළඹ නැවතී සිටින්නේ කෝට්ටේ මාදිවෙල පිහිටි මන්ත්‍රි නිල නිවාස සංකීර්ණයේ පිහිටි නිවෙසකයි. එදින රාත්‍රි 9.00ට පමණ ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගෙන් රංජිත් සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට දුරකතන ඇමැතුමක් ලැබිණි.

"රංජිත් මන්ත්‍රිතුමා අපේ විශ්වාසභංග යෝජනාවට කීදෙනෙක් අස්සන් කරලාද? තව කීදෙනෙක් අස්සන් කරන්න ඉන්නවාද? අස්සන් කරපු අයගේ නම් ටික දන්නවාද? යනුවෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා විමසා සිටියේය.

"නම් ටික මට මතක නැහැ. හැබැයි 31 දෙනෙක් අස්සන් කරලා තිබුණා. මං අස්සන් ලේඛනය බලලා කියන්නම්" කියමින් රංජිත් සොයිසා මන්ත්‍රිවරයා තමාගේ කාර්යාලයේ මේසය උඩ තිබූ ෆයිල් කවර අස්සේ විශ්වාසභංග යෝජනාව සෙව්වත් හමු නොවීය. තමන්ට හීන්දාඩිය දාන්න පටන්ගත් බව දත් රංජිත් සොයිසා මන්ත්‍රිවරයා මුළු නිවෙසේම ලිපිගොනු පෙරළමින් විශ්වාසභංග යෝජනාව සෙව්වත් එය හමු නොවීය.

විශ්වාසභංග යෝජනාවට සිදුවූයේ කුමක්ද? පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා දස අතේ කල්පනා කරන්නට විය. විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේද? කවුරුහරි විහිළුවක් කරන්න හැංගුවද? නැත්නම් ආණ්ඩුවෙන් ඉස්සුවාවද්ද? තමන්ගේ හිතට වදදෙන මෙම ප්‍රශ්න නිසා රංජිත් සොයිසා මන්ත්‍රිවරයාට නින්ද ගියේ නැත. ඔහු එළිවෙනතුරු නිදිවර්ජිතව කල්පනා කරමින් සිටියේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සිදුවූයේ කුමක්ද? යන්නය.
පසුදින පාන්දරම පාර්ලිමේන්තුව ආරම්භ වීමටත් පෙර එනම් උදෑසන 9.00ට පමණ රංජිත් සොයිසා මහතා කෙළින්ම ගියේ පාර්ලිමේන්තුවටය. ඒ වනවිට විශේෂ කාර්යය බළකාය ඇතුළු ආරක්ෂක නිලධාරීන් විසින් පාර්ලිමේන්තුව පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කොට තිබිණි.

සභාගර්භය ඇතුළු හැමතැනකම විශ්වාසභංග යෝජනාව අඩංගු ලිපිගොනුව සෙව්වත් එය සොයා ගැනීමට නොහැකි විය. පාර්ලිමේන්තු සභාගර්භය තුළ වායුසමීකරණය නිසා දැඩි සීතලක් තිබුණත් තමුන්ට හීන්දාඩිය දාගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාට දැනුණි. කළ යුත්තේ කුමක්දැයි රංජිත් සොයියා මහතා ඉතා අසරණව කල්පනා කරන්නට විය.

විශ්වාසභංග යෝජනාව මෙසේ අතුරුදන් වී ඇති බව රංජිත් සොයිසා මහතා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී හමු වූ විට කීවේය.

"ඔය ගැන කාටවත් කියන්නේ නැතුව හෙමිහිට සොයමු. අන්තිමට අස්සන් කරන්න දුන්නු කෙනා මතකද?" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා විමසීය.

"අන්තිමට කාට දුන්නද කියලා හරියටම මතක නැහැ" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා ප්‍රතිචාර දැක්වීය.

ටික වේලාවක් යනවිට රංජිත් සොයිසා මන්ත්‍රිවරයා හමුවන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් ඇඟට පතට නොදැනෙන ආකාරයෙන් විමසා සිටියේ විශ්වාසභංග යෝජනාවට අස්සන් කළාද? කියාය. එවිට හෝ විශ්වාසභංග යෝජනාව ගැන තොරතුරක් දැනගැනීමේ අටියෙන් එසේ විමසූවත් මේ ගැන කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි විය.

ඉන්පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා හමුවූ විට විශ්වාසභංග යෝජනාවට අස්සන් කළාද? යනුවෙන් රංජිත් සොයිසා මන්ත්‍රිවරයා විමසීය.

"ඔව්. මං අස්සන් කළා. ඒක මගේ ළඟ. ඊයේ ගෙදර මං ගෙනහිල්ලා. ඒක දෙන්න තමයි ආවේ" කියමින් විමලවීර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව රංජිත් සොයිසා මන්ත්‍රිවරයා අත තැබීය.

රංජිත් සොයිසා මන්ත්‍රිවරයා සැනසුම් සුසුමක් හෙළුවේ එවිටය.
පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෝට්ටේ වෙළෙඳසලකට ගොස් බඩු වගයක් ගත්තේය. මෙම වෙළෙඳසල මුදල් අමාත්‍ය රවි කරුණායක මහතාගේ නිවෙසට ආසන්නව පිහිටි වෙළෙඳසලක්වීම විශේෂත්වයකි. එම වෙළෙඳසලෙන් ලබාගත් භාණ්ඩ ලේඛනයේ මිල එදින පාර්ලිමේන්තු විවාදයේදී ඉදිරිපත් කිරීමට ඩලස් අලහප්පෙරුම මහතා පියවර ගත්තේය. එහිදී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කියා සිටියේ අය-වැයෙන් බඩු මිල අඩු කළ බව ප්‍රකාශ කළත් මුදල් ඇමැතිතුමාගේ නිවෙස අසල පිහිටි වෙළෙඳසලේවත් භාණ්ඩ මිල අඩුකර නොමැති බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්ද පසුගිය සිකුරාදා අය-වැය දෙවැනි වර කියවීමේ විවාදයේදී ඇති විය.

"2015 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව 40%කින් ආයෝජන අඩුවෙලා. මේක බරපතළ තත්ත්වයක්" යනුවෙන් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

"මහ ලොකු දෙයක් හොයාගත්තා වාගේ කතා කරනවා. ගිය ආණ්ඩුවේ වැරැදි නිසයි එහෙම වෙලා තියෙන්නෙ. ඔබතුමා ‍ෙදාස්තර කෙනෙක් නේද?" යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පිළිතුරු ලබාදීමත් සමඟම දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදු විය.

"මේ පාර අය-වැයට විරුද්ධ පක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 10 දෙනකුගේ සහාය ලැබෙනවා" යනුවෙන් පැවසුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය.

"බලාගෙන ඉන්න වෙනදේ. මුදල් ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ඡන්දෙ විමසන විට ආණ්ඩුවේ කොටසක් ඉන්නවා අපේ පැත්තට එන්න" යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතාය.

අපි සේරම එක මල්ලේ ලුණු කන අය බව විවාදයට එක්වෙමින් කියා සිටියේ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාය. මේක හරි අමාරු වැඩක්. අපේ කට්ටියක් ආණ්ඩුවේ ඉන්නවා? තවත් කට්ටියක් විපක්ෂයේ ඉන්නවා? එතකොට කතා කරන්න ටිකක් අමාරු වැඩක්. යනුවෙන්ද විජිත් විජිතමුණි සොයිසා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිකම රැකගන්න නම් මේ අය-වැයේදී අය-වැයට පක්ෂව ඡන්දය දෙන්න ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට සිදුවෙනවාද? යනුවෙන් විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ ජෝන් අමරතුංග අමාත්‍යවරයාය.

"මන්ත්‍රිකම රැකගන්න නම් අය-වැයට පක්ෂව ඡන්දෙ දෙන්න කියලා ජෝන් අමරතුංග ඇමැතිවරයා කිව්වා. තරුණකම රැකගන්න නම් ගොඩක් පෙතිවර්ග එහෙම තියෙනවා කියලා මං මතක් කරලා දෙන්න කැමැතියි" යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතාය.



Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.

gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment