Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

විජේදාසත් ඉවත් කරන්න පෙර ඉවත් වී ජවනිකාවක් රඟදක්වන්න සැරසෙයි.


ඇවන්ගාඩ් අවි ජාවාරම් සමාගමත්, දූෂිත රාජපක්ෂ රෙජීමයත් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින වත්මන් යහපාලන රජයේ අධිකරණ හා බෞද්ධශාසන අමාත්‍යධුරය හොබවන විජේදාස රාජපක්ෂව එම අමාත්‍යධුරයෙන් නෙරපා දැමීමට පෙර නව නාටකයක් රඟ දක්වමින් ඉවත්වීමට සැරසෙන බවට විශ්වාසවන්ත ආරංචිමාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම විජේදාස රාජපක්ෂට එරෙහිව මේ වන විට එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරුන් අතිවිශාල පිරිසක් සිය අප්‍රසාදය පළකොට ඇති අතර ජනවාරි 08 වනදා වත්මන් යහපාලන රජය බලයට ගෙන ඒමට කැපවූ බහුජන සංවිධානද එජාප නායකත්වයට මේ පිළිබඳව දැනුම් දී ඇත.

මේ හේතුවෙන් ඇවන්ගාඩ් අවි ජාවාරම් සමාගමත් එම සමාගමේ හිමිකරු වූ සේනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂත් වෙනුවෙන් කටයුතු කරන විජේදාස රාජපක්ෂට එල්ලවන අති දැවැන්ත විරෝධය හේතුවෙන් ඔහු සිය ධුරයෙන් සහ පක්ෂයෙන් ඉල්ලා අස්වී ස්වාධීනවීමට සැලසුම්කර ඇතැයිද වාර්තාවේ. ඔහු මීට පෙර අවස්ථාවකදීද පාර්ලිමේන්තුව තුළ මෙවැනි ජවනිකාවක් රඟදක්වන ලදී. මේ සඳහා මොහුට රාජපක්ෂ රෙජීමයේ පූර්ණ අනුග්‍රහය සහ ආශිර්වාදයද හිමිව ඇතිබව වැඩිදුරටත් වාර්තාවේ.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment