Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ගෝඨා, සේනාධිපති අත්අඩංගුවට ගන්න.



ඇවන්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා නීතිපතිවරයා වෙත වාර්තාවක් යොමු කරමින් ඉල්ලා තිබේ.

ඇවන්ගාඩ් ආරක්ෂක සමාගම කුළී පදනම මත ලබා ගෙන ඇති මහනුවර නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණයෙහි වාර්තාව සැලකිල්ලට ගනිමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

නිශ්ශංක සේනාධිපතිට අමතරව  ඇවන්ගාඩ් අධ්‍යක්ෂක මංජුල කුමාර යාපා අත්අඩංගුවට ගත හැකි බවත් ඊට අනුබල දීම යටතේ ඝෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ඩි.එම්.එස්. ජයරත්න සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අත්අඩංගුවට ගත හැකි බවත්  ඔවුන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දිය හැකි බවත් පෙන්වා දී ඇත.

ඊට අමතරව මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීති විරෝධී ආකාරයෙන් මුදල් උපයා ගැනීම වරදක් බැවින් ඒ යටතේද මෙම පුද්ගලයින් පස්දෙනාට එරෙහිව ක්‍රියාත්මක විය හැකි බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දී තිබේ.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment