එජාප පහල සාමාජිකයින්ගෙන් කැරැල්ලක්.


එජාපය මූලික වී පිහිට වූ යහපාලන ආණ්ඩුව බලයට පත්වී වසරක් ගත වී ඇතත් තමන්ට කිසිදු උදව්වක් එම ආණ්ඩුවේ ඉහල ඇමැතිවරුන්ගෙන් සිදු නොවූ බැවින් තමන් කළකිරීමට පත්ව ඇති බව එජාප පහල සාමාජිකයින් පවසයි.

මේ හේතුවෙන් තමන් එම ඇමතිවරුන්ට ඒ බව දැනවීම සදහා එජාප මූලස්ථානය වැටලීමට සූදානම් බව නිවුස් වෙබ් පුවත් වෙබ් අඩවිය වාර්තා කළ පුවතකින් දැක්වේ. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ

තමන්ගේ වසර ගණනක අවංක කැප කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බලයට පත්වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අවශේෂ නායකයන් තමන්ට මෙසේ සැලකීම පිළිබඳව කළකිරීමෙන් සිටින බවයි.  ජාතික යොවුන් පෙරමුණේ  ක්‍රියාකාරිකයෙකු පවසා සිටියේ ‘අපේ ඇමතිවරු පට්ට බිසී. හරියට පුක කැඩිච්ච කඩියො වගේ පුදුම දිවිල්ලක් දුවන්නෙ. බැලුවොත් සීට් එකේ නෑ. හැම වෙලාවෙම සාකච්ඡා. මොබයිල් එක තියෙන්නෙ සිකියුරිටිල අතේ. ඒ අය හැමවෙලාවෙම කියන්නෙ ‘‘සර් සාකච්ඡාවක'' කියල. හැබැයි හැම ඇමතිවරයෙක්ටම වෙනම ප්‍රයිවෙට් මොබයිල් එකක් තියෙනව. ඒ අය රැස්වීම්වල හිටියත් හැම කෙනාම ඉන්නෙ මොබයිල් දිහා බලාගෙන. හැමවෙලාවෙම SMS යවනව.  පවුලෙ අයත් එක්ක වෙන්න ඇති චැට් කරන්නෙ. මේ තරම් කාලෙකට කරපු ඇති ප්‍රොජෙක්ට් එකක් නෑ. දීපු ඇති රස්සාවක් නෑ. හැබැයි කට්ටියම පට්ට බිසී. ඒ ගොල්ලන්ගෙ මුළු සනුහරයම තම තමන්ගෙ අමාත්‍යංශවල එක එක තනතුරුවලට දාගෙන. ඔය එකෙක් වත් පැත්ත පලාතක හිටියෙ නෑ අපි වෙඩි කනකොට. අපි රිමාන්ඩ් වෙනකොට. ඉස්සර අපි රාජපක්ෂ එක්ක ගේම ඉල්ලුවෙ ‘‘ඉවසුවා ඇති'' කියල. අද අපිට ඉවසුවා ඇති කියල කියන්ඩ වෙලා තියෙන්නෙ අපේම එවුන්ට' යනුවෙනි.

මෙසේ එජාප මූලස්ථානය වැටලීම සඳහා මේ වන විට ජාතික යොවුන් පෙරමුණ, එජාප සන්නිවේදන බලකාය, ලක් වනිතා සංවිධාන සූදානමින් සිටින බවද වාර්තාවේ.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment