මහින්ද ඇතුළු 24කට රටින් පිටවීම තහනම්.


තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුට රටින් පිටවීම තහනම් කර ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාතර, මාවරල ශ්‍රී  මුත්තු මාරි අම්මාන් දේවාලයේ ඊයේ (27) පැවති දේව පූජාවට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි පවසා තිබේ.

"අපි ත‍්‍රස්තවාදය පරාජය කිරීමට, බෙදුම්වාදය පරාජය කරන්න විශාල සටනක නියුතු වූවා. අද ඒ ජයග්‍රහණය වැඩිපුරම භුක්ති විඳින්නේ දකුණේ ජනතාවට වඩා උතුරේ දෙමළ ජනතාවයි. මේ අවුරුද්දක කාලය තුළ කිසිම දෙයක් කෙරිලා නැහැ. අපි කරගෙන ආපුවත් අතරමග නතර කරලා තියෙන්නේ. මේ අයවැය ගැනත් කතා කරන්න දෙයක් නැහැ. තව මාස 3ක් යනකොට තේරෙයි බඩුමිල වැඩිවීම කොහොමද කියලා. රජයක් විදියට අනුන්ට වෝදනා කර කර ඉන්න එක නෙමෙයි කරන්න ඕන ජනතාවට සහන සැලැස්වීමයි කළ යුත්තේ" යැයිද ඔහු එහිදී සඳහන් කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා දේවාල, කෝවිල් සහ පන්සල්වලට යමින් මාධ්‍ය තුළින් අයවැය ගැන සහ බඩුමිල ගැන කතාකළද මෙම අයවැය පරාජයකිරීමට හැකියාව තිබූනේ පාර්ලිමේන්තුවේ අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමෙන් වන අතර ඡන්ද විමසන අවස්ථා දෙකේදීම ඔහු අයවැය මගහැර ගියේය.

එමෙන්ම ඔහුට ඇතැයි පැවසෙන 58ලක්ෂයේ ජනතාව පාරට බස්සවා අයවැයට එරෙහිව හඬක් නැගීමට හෝ ඔහු උත්සායහක් ගත්තේද නැත. ඔහු කළ එකම කාර්යය වූයේ අගමැතිවරයා හමුවී සිය දුක් අඳෝනා කියාපාමින් තමන් හා තම පවුලේ අය හිරේ විලංගුවේ වැටීමට ඇති අවස්ථා මගහරවා ගැනීමට එකඟතා හදාගැනීම සහ ජාතිවාදී ප්‍රකාෂ සිදුකිරීම ය.

මෙවැනි තත්වයක් තුළ උක්ත ප්‍රකාශ සිදු කිරීම රටටත් ජනතාවටත් විහිළු සපයන්නක්ම පමණි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment