Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අලි හොරු දෙනම බොදු-කිතුනු ගැටුමකට අරඅඳිති.


රටේ පවතින සාමාන්‍ය නීතියත්, භික්ෂු ප‍්‍රාතිමෝක්ෂය විනය නීතිත් උල්ලංඝනය කරමින් අලි ජාවාරමේ නිරත වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි සහ පූජ්‍ය කොලොන්නාවේ සිරි සුමංගල හිමියන් ඇතුළු ප‍්‍රභූන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ආගමික ගැටුමක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇතැයි පොලිස් බුද්ධි අංශය අනාවරණය කරගෙන තිබේ.

අලි ජාවාරමේ නිරත වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු ප‍්‍රභූන්ට එරෙහිව දැනට අධිකරණ කටයුතු ක‍්‍රියාත්මක වන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේය. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සහ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ එම නඩු විභාගයට ගැනිණි. 

අලි ජාවාරමට සම්බන්ධ නඩුව නැවත විභාගයට ගැනීමට නියමිතව ඇත්තේ 2016 වර්ෂයේ ජනවාරි 14 වන දිනය.

අදාළ නඩුවට පෙනී සිටි විනිසුරුවරු දෙදෙනා උසස්වීම් ලැබ දිසා අධිකරණවල විනිසුරුවරු සේ කටයුතු කිරීමට නික්ම යෑමට නියමිතව ඇති අතර ඒ වෙනුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීමට නියමිතව ඇත්තේ ඉවෝන් ප‍්‍රනාන්දු නමැති විනිසුරුවරිය ය. 

අලි ජාවාරම සම්බන්ධ ඉදිරි නඩු කටයුතු ඇය විසින් සිදු කරනු ඇත. 

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු අසුනට පැමිණෙන විනිසුරුවරියගේ ආගමික පසුබිම සොයාගෙන ඇති ඉහත කී ප‍්‍රභූන් සහ භික්ෂූන් වහන්සේලා අලි ජාවාරම සම්බන්ධව ලබා දෙන නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් බෞද්ධ කතෝලික ගැටුමක් නිර්මාණය කරගැනීමට අර අඳිමින් සිටින බව පොලිස් බුද්ධි අංශය හෙළිදරව් කරගෙන ඇත. 

දැනට ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ භාරකාරත්වය දරන උඩුවේ ධම්මාලෝක හිමි සතුව අලි පැටව් දෙදෙනකු සිටි බවත් පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරාධිපති කොලොන්නාවේ සුමංගල හිමි සන්තකයේ සිටි අලි තිදෙනකු මුදල් ගනුදෙනු පියවීම සඳහා සම්බෝධි විහාරාධිපති දරනාගම කුසලධම්ම හිමියන්ට විකුණා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

අලි ජාවාරමේ නිරත වූ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ මන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අප කළ විමසීමක දී එහි ඉහළ නිලධාරියකු සඳහන් කළේ ඉදිරියේදී අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව සත්ව හිංසන පනත සහ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.



 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP