Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ජෙහාන් අමරතුංග සභාපතිධූරයේ දිගටම රැදෙන්නේ කෙසේද?


පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී අරලිය ගහමන්දිරයට නිතර ආගිය හා ජනාධිපති කාර්යමණ්ඩලයේ ප්‍රධානියා වූ ගාමිණී සෙනරත් වෙනුවෙන් කප්පම් ගත් කුප්‍රකට ජාවාරම්කාරයෙකු වන ජෙහාන් අමරතුංග මහජන බැංකුවේ රක්ෂණ සමාගමේ සභපතිවරයා හා අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් තවමත් කටයුතු කරමින් සිටී.

මෙවැනි මෝඩ වැඩ කිරීමට තරම් යහපාලන ආණ්ඩුව බංකලොත්ද?

වසර 15 කට ප්‍රථම හැටන් නැෂනල් බැංකුවේ ණය නොගෙවීම හේතුවෙන් CRIB (Credit Information Bureau of Sri Lanka) හි නම තිබූ ජෙහාන් අමරතුංග MTD වෝකර්ස් මිලදී ගත්තේ කෙසේද යන්න FCID විමර්ශණය කළ යුතුයි.

පසුගිය මැතිවරණයේදී රාජපක්ෂලාට යහමින් මුදල් වියදම් කළ අයෙකි ජෙහාන්. ඔහු රාජපක්ෂවරුන්ගේ ව්‍යාපාරවල කොටසකි. බොහෝ එජාප ප්‍රභලයන්ට කිසිදු තනතුරක් නොලැබෙද්දී අමරතුංග යන අයට ආයතන දෙකක රාජකාරී කිරීමට හැකිව ඇත්තේ ඔහුගේ ගෝඩ් ෆාදර් මලික් සමරවික්‍රමට පිං සිදුවන්නටය.

මැතිවරණය පැවති සමයේ දෙපාර්ශවයටම වැඩකළ පුද්ගලයන් හෙලිදරව් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ මිතුරන්ට පවසා තිබුනි. ජෙහාන් අමරතුංග සහ මලික් සමරවික්‍රම මේ ලැයිස්තුවේ උඩින්ම සිටී. ජෙහාන් අමරතුංග සහ මලික් සමරවික්‍රම ව්‍යාපාර හවුල්කරුවන් බව අගමැතිවරයා හැර අන් සියළු දෙනා දනී.

මහින්දවාදීන් ජෙහාන් අමරතුංගගේ බොහෝ ඩීල් ගැන සොයමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි. අමරතුංග දැන් නැවත ගොඩ ඒමට මාර්ගයක් තෝරාගෙන තිබේ.

අමරතුංග මේ වන විට මහජන නිලධාරියෙකි. ඔහු මහජනයාට වගකිව යුතුයි. ජෙහාන් අමරතුංගගේ ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශණය කර වාර්තා කිරීමට අප නිරතුරුව කටයුතු කරමු.

මලික් සමරවික්‍රම අයෝජන මණ්ඩලයේ සභාවතිවරයා මාරු කිරීමට සැරසෙන බැවින් ඒ පිළිබඳව වත්මන් සභාපතිවරයා විමසිල්ලෙන් කටයුතු කළ යුතු වේ.



Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP