Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'අයෑම් ද පාටි ලීඩර්' රනිල්ගෙන් රවීට සිහිකැඳවීමක්!


අය වැය සම්බන්ධයෙන් මතුවී ඇති අර්බුදකාරී තත්වය එජාප අභ්‍යන්තර කටයුතු වලට පවා විශාල බලපෑමක් කරමින් සිටින බව මේ දිනවල එජාප අභ්‍යන්තර සිදුවීම් වලින් මනාව පැහැදිලි වේ. අගමැතිවරයා අයවැය යෝජනාවන්ට කළ සංශෝධන හේතුවෙන් ඒ සඳහා වැයවන මිලියන 7000 ක මුදල සොයන ආකාරය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (16) රාත්‍රී අරලියගහ මන්දිරයේදී එකිනෙකා මුණ ගැසී තිබේ.

එහිදී සාකච්ඡා කළ කරුණු අතරතුර මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකළ යුතු බවට යෝජනාවක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අගමැතිවරයාට ඉදිරිපත් කොට ඇත. රවීගේ යෝජනාව ලත් තැනම ලොප් කරමින් අගමැතිවරයා පවසා ඇත්තේ ‘ඒ මොන පිස්සු වැඩක්ද? මේ මිලියන 7000 හොයා ගන්ඩ බැරුව ඉදිද්දි විකාර කතා කරන්ඩ එපා. වැටුප් වැඩිකරල නෙමෙයි මන්ත්‍රීවරුන්ගෙ කටවල් වහන්ඩ ඕනෙ වැඩ කරල පෙන්නල. ඔයවගේ වැඩක් කරොත් මුළු රටම පාරට බහියි. දැනටමත් වෙලා තියෙන හරිය පේනවනෙ. කරුණාකරල තව අවුල් නොකර ඉන්න' යැයි අවධාරණය කර ඇත.

අගමැතිවරයාගේ ස්ථිර පිලිතුරෙන් පසුබා ඇති මුදල් ඇමතිවරයා ඉන් අනතුරුව විමසා ඇත්තේ ‘ඩොක්ටර්ස්ලගෙ පර්මිට් වලට මොකද කරන්නෙ? ' කියාය. ‘ආ ඒක දෙන්න අපි පොරොන්දු වුනානෙ. දැන් ඉතිං දීලා දාන්න' යනුවෙන් අගමැතිවරයා පැවසූ විට මුදල් ඇමතිවරයා තද ස්ථාවරයක සිටිමින් ‘ඒක කොහොමවත් දෙන්න බෑ. ඕන නම් ඒ වෙනුවට රුපියල් 25,000ක මාසික දීමනාවක් දෙන්න පුළුවන්. ගෙන්නන වාහනවල අයිතිය දිගටම තියෙන්න ඕනෙ රජයට. ඒ ගොල්ලො රජයේ සේවයෙන් යනවනම් වාහනේ භාරදීලා යන්න ඕනෙ' යනුවෙන් රවී පිලිතුරු දී තිබේ.

කැත්තට පොල්ල මෙන් මුදල් ඇමතිවරයා හැසිරීම පිළිබඳව කෝපයට පත්වී ඇති අගමැතිවරයා කෝපයෙන් පවසා ඇත්තේ ‘අයෑම් ද පාටි ලීඩර්. යූ වර්ක් එකෝඩින් ටු මයි ඉන්ස්ට්‍රක්ෂන්ස් ( මම පක්ෂයේ නායකයා. උඹ මගේ උපදෙස් අනුව වැඩ කරන්න ඕනෙ)' කියාය.

කෙසේ නමුදු සාකච්ඡාව අවසානයේදී දෙදෙනාම අතට අත දී සිනාමුසු මුහුණින් යුතුව පිටත්ව ගොස් තිබේ.




Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP