Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද - මෛත්‍රී රහස් සාකච්ඡාව කරළියට.


2015 පැවති ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු කතානායක නිලනිවසේදී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා රහස් සාකච්ඡාවක නිරතවූ බවට එම දිනවල ප්‍රසිද්ධියට පත් වූ අතර පසුව ඒ සම්බන්ධයෙන් මෛත්‍රී පාර්ශවයෙන් හා මහින්ද පාර්ශවයෙන් විවිධ ප්‍රකාශ නිකුත් විය.

මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ලබා දී තමන් ඉන් ඉවතවන බවත් ඒ බව දැනුම් දීම සඳහා එම සාකච්ඡාව පැවති බවත් මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් විශේෂයෙන් ප්‍රකාශ විය.
කෙසේ නමුත් එම සාකච්ඡාවේදී සිදුවූයේ කුමක්ද යන්න මේ වනවිට හෙළි දරව්වෙමින් පවතී.

ඊයේ(15) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකදී එස්.බී දිසානයක අමාත්‍යවරයා සහ හිටපු අමාත්‍යවරයෙකු වන හේමාල් ගුණසේකර මහතා මේ සම්බන්ධ විශේෂ හෙළිදරුව්වක් සිදු කර සිටියහ.
ඔවුන් පැවසූවේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් වැළැක්වූ බවත් ඒ මොහොතේ කළබලයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග වහාම ගොස් මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ඔහුට ලබා දුන් බවයි. එම හමුව සිදුවූයේ කතානායක නිල නිවසේ බවත් ඔවූහු එහිදි හෙළිදරුව් කර සිටියහ.

මෙහි ඇති විශේෂ කරුණක් වන්නේ මෙම හෙළිදරුව්ව සිදුකරන ලද්දේ එස්.බී. දිසානායක මහතා වූවෙනම් එය එතරම්ම විශ්වාසයකින් වාර්තා කිරීමට නොහැකි වන නමුත් රාජපක්ෂ පවුල සමග ඉතා කුළුපග ඇසුරක සිටි හේමාල් ගුණසේකර මහතාද එම සිදු වීම තහවුරු කර සිටීමය. 
හේමාල් ගුණසේකර මහතාගේ බිරිඳ කාල්ටන් නිවසේ රාජපක්ෂ පවුලේ හිතවතුන් හෝ ඥාතීන් සඳහා පැවැත්වෙන් විවිධ භොජන සංග්‍රහ ආදියෙහිදී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහාය සඳහා නිතර සහභාගී වූ කාන්තාවක් බවටද එකළ ප්‍රකටව තිබූ කරුණකි.


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP