Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

භික්ෂූන් සහ හමුදාව අවුස්සන කුමන්ත්‍රණයක්.


සම්මුතික ආණ්ඩුව ගෙන යන සංහිඳියාව හා යහපාලනය අවුල් වියවුල් කර දැමීම සඳහා භික්ෂූන් වහන්සේ හා ආරක්ෂක අංශ සාමාජිකයන් ජාතිවාදී හා ආගම්වාදී පදනමින් උසි ගන්වා රට අස්ථාවර කිරීමේ කුමන්ත‍්‍රණයක් ගැන තොරතුරු හෙළිව තිබෙන බවට රාජ්‍ය බුද්ධි අංශ රජයේ ප්‍රධානින් දැනුවත් කර ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.

ඒ අනුව, ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට කටයුතු කර ඇති බව ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

එම පුවත් වාර්තාවේ මෙසේද දැක්වේ.

'' මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් මෙම කුමන්ත‍්‍රණකාරී වියරු වැඩපිළිවෙළ දියත් කිරීම සඳහා මේ වන විටත් සැලසුම්සහගත ලෙස කටයුතු කරමින් සිටින බවත්, ඒකාබද්ධ විපක්ෂයේ බුද්ධි මණ්ඩලය ලෙස සැලකෙන ‘වියතුන්ගේ හඬ’ නැමැති සංවිධානයේ පිරිස මෙහි ප‍්‍රධාන මෙහෙයුම් කටයුතු බාරව සිටින බවත්, ඊට අමතරව පසුගිය රාජපක්ෂ සමයේ දී ඔවුන්ට සමීපව සිටි හමුදා නිලධාරීන් කිහිප දෙනකු ද මේ වැඩපිළිවෙළ සමඟ එක්ව ඇති බවත් අදාළ බුද්ධි වාර්තාවල සඳහන් වේ.

ඒ අනුව ඉදිරියේ දී ආබාධිත හමුදා සෙබළුන් කණ්ඩායමක් යොදාගෙන වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ දීමනා හා පහසුකම් කපා දමා ඇති බවටත් විශ‍්‍රාම යන තුරු පමණක් ලබා දෙන විශේෂ දීමනා හා වරප‍්‍රසාද ජීවිතාන්තය දක්වාම ලබා දෙන ලෙසත් තම අඹුදරුවන් වෙනුවෙන් තවත් වරප‍්‍රසාදයක් දෙන ලෙසත් ඉල්ලා සිටිමින් මෙහි පළමු උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිතය.

එමෙන්ම හමුදා කොටස් තුළ හා ඔවුන්ගේ පවුල්වලට ආණ්ඩුව රට බෙදා වෙන් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවට ව්‍යාජ තොරතුරු බෙදා හැර ඔවුන් ආණ්ඩුව කෙරෙහි කලකිරවීම ද මෙහි තවත් පියවරකි.

මේ වන විටත් අත්අඩංගුවේ පසු වන අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් රට පුරා උද්ඝෝෂණ පැවැත්වීමට ද සැලසුම් කර ඇත.

භික්ෂූන්ට එරෙහිව :

එමෙන්ම වංචා දූෂණ අක‍්‍රමිකතාවලට සම්බන්ධ හා ජාතිවාදය ආගම්වාදය පතුරුවමින් සමාජ සාමයට එරෙහිව කටයුතු කරමින් සිටින භික්ෂූන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන පියවර සාධනීය කරුණු වුව ද සංඝ සමාජය විනාශ කිරීමේ හා සිංහල බෞද්ධ රට විනාශ කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ව්‍යාජ මතයක් ප‍්‍රචාරය කිරීම මේ වන විටත් ආරම්භ කර ඇත.

පසුගිය දා අලි හොරකමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති උඩුවේ ධම්මාලෝක හිමි, සෝභිත හිමිව වත්මන් ආණ්ඩුව විසින් ඝාතනය කළ බව හැඟෙන සේ කළ ප‍්‍රකාශය ද මෙහි එක් පියවරක් බව මේ වන විට අනාවරණය වී තිබේ. ''


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP