Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මෛත්‍රී තරම් මහින්ද ප්‍රඥාවන්තයෙකු නොවේ - අල්ලේ හිමියෝ කියති.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමග ගෙනයන සන්ධායෙන් ඉවත් කර හිටපු ජනාධිපති මහින් රාජපක්ෂ මහතා සමග එකතු වීම සඳහා කටයුතු කළ යුතු බවට මතයක් සමාජගත කිරීම සඳහා ඇල්ලෙ ගුණවංශ හිමියෝ ජාතික පුවත්පතකට පවසා ඇතත් ඉන් ගම්‍ය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරම් ප්‍රඥාවන්තයෙකු නොවන බව යැයි දේශපාලන විචාරකයෝ පවසති.

මෙහිදී උන්වහන්සේ රටේ පවතින ප්‍රශ්න කිහිපයක් ගෙන දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ රට දියුණු කරන්නට නම් රටේ ජනතාව ආරක්‌ෂා කරන්නට නම් ආර්ථික හා සමාජීය ප්‍රශ්නවලින් මෙන්ම විවිධාකාරවූ ජාත්‍යන්තර බලපෑම්වලින් රට බේරා ගන්නට නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා වහාම එක්‌විය යුතු බවත් එම ඒකරාශී කිරීම වෙනුවෙන් මහා සංඝරත්නය මැදිහත් විය යුතු බවත්ය.

"මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙහිදී පොඩි පරිත්‍යාගයක්‌ කරන්න වෙනවා මේ ඒකරාශී වීමට, ඔහුට සිදුවුණු අසාධාරණකම් මම පිළිගන්නවා. ඒත් නායකයෙක්‌ පාලකයෙක්‌ ප්‍රඥාවන්තයෙක්‌ වුණහම ඔහු තම ඇස්‌ දෙකින් මුළු මහත් රට දෙසම බැලිය යුතුයි. අපට වුණත් යම් යම් කලකිරීම් තියෙන පිරිස්‌ සමඟ පොදු සන්ධාන ගතවෙන්න සිදු වෙනවා. එම නිසා මේ ගැන සිතිය යුතුයි. ඔහු එහෙම කළොත් ඔහු ඉතිහාසගත වෙනවා, ඒ සඳහා අපි මැදිහත් වෙන්න කැමතියි." යනුවෙන්ද එහිදී ප්‍රකාශ ඇත.  ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසන පරිදි මෛත්‍රි ප්‍රඥාවන්තයෙකු බැවින් කළ යුත්තේ පක්ෂය නැවත මහින්ද අතට දී මහා කැපකිරීමක් සිදු කරීමය. එය ඉතිහාස ගත වන බවද උන්වහන්සේ කියති. ඒ මෛත්‍රීගේ පැත්තෙනි.

දේශපාලන විචාරකයෝ වැඩිදුරටත් පවසන්නේ මෙම ක්‍රියාවම මහින්දගේ පැත්තෙන් ගත්විට මෛත්‍රී හෝ මහා සංගරත්නය අමතා "පක්ෂය බේද බින්න කරන්න ඕන නැහැ. මම උපරිම සහයෝගය දෙනවා. මෛත්‍රී සමග මම එකතුවෙනවා. නැවත මහ මැතිවරණයක් පැමිණනෙ මොහොතේ ශ්‍රීලනිපයට රටේ බලය ගන්න වැඩකරමු." යැයි කියන්නට එවැනි සිතුවිල්ලක් හෝ මහින්දගේ සිතේ පහළ නොවන බවත් එසේ වන්නේ මහින්ද ප්‍රඥාවන්තයෙකු නොවන නිසා බවත් ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ ප්‍රකාශය අනුව ගම්‍යවන බවය. මහින්දට එවැනි පරිත්‍යාගයන් ගැන සිතන්ටවත් නොහැකි බව 18 වන සංශෝදනය ගෙන ආ ආකාරයෙනම පෙන්නා දී ඇති බවත් දේශපාලන විචාරකයෝ පවසති.

"මොනවා වුණත් මෛත්‍රිපාල සිරිසේන මහතා පනස්‌ හයේ දරුවෙක්‌. ගමක ඉපදුනු දරුවෙක්‌. වෙල් ඉපනැල්ලේ සුවඳ දැනුනු නායකයෙක්‌. ගල් විහාරේ නිතර එන යන කොට පෙනුණු මනුස්‌සයෙක්‌. එයාට මේ රටේ සිදුවෙන හැමදේටම වගකීමක්‌ තියෙනවා. ඔහු අනාරාධිතව පවා මෙහෙ ඇවිත් ගියා. දුරකථනයෙනුත් කතා කරනවා. ඔහු කවදාවත් රටට ජාතියට ආගමට විරුද්ධ වෙන්නේ නැහැයි කියලා මට විශ්වාසයි." යැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ සිදු කර ඇති ප්‍රකාශයෙන් මහින්ද පිල නියෝජනය කරන ඇල්ලේ ගුණවංශ හිමි වැනි බොහෝ දෙනෙකු තුළ මෛත්‍රිපා සිරිසේන මහතා ගැන පවතින විශ්වාසය පිළිබඹුවන බවත් ය. 

ඊයේ (26) ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් චන්දිම වීරක්කොඩි ඇමතිවරයා පැවසා තිබුණේ රාජපක්ෂ පාලන සමයේදී මන්ත්‍රීවරුන්ට සහ බොහෝ මැති ඇමතිවරුන්ට ඇති ප්‍රශ්න ගැන කතා කිරීමට ශ්‍රිලනිපයේ සිටි එකම පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් එසේ තිබියදීත් පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කළේ නායකත්වයට ගරු කරමින් බවත් ය. වර්තමාන නායකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බැවින් මේ මොහොතේද නායකත්වය ගරු කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කටයුතු කරන බවත් එය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තේරුම් ගත යුතු බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP