ඇමැති අර්ජුනට ලක්ෂ 24 ක කාම මෝදක වරායට ගොඩබස්වයි.


වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මෙහෙ වීමෙන් මදන මෝදකය, කාමේෂ්වර මෝදකය ඇතුළු රුපියල් ලක්ෂ විසි හතරක් වටිනා ආයුර්වේද ඖෂධ තොගයක් හදිසියේම වරායට ගෙන්වාගෙන එහි ගබඩා කර ඇතැයි දැනගන්නට ඇත.

වරායේ මුදල්වලින් මෙම ඖෂධ තොගය මිලදී ගෙන ඇත්තේ ශ‍්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවෙනි. ගෙන්වාගෙන ඇති ඖෂධ තොගයේ අශ්වගන්ධ අරිෂ්ටය, අශ්වගන්ධ චූර්ණය, ග්රිතය මදන මෝදකය, කාමේෂ්වර මෝදකය ඇතුළු වාජීකරණ ඖෂධ රැසක් ඇතැයි ද වාර්තා වේ. මෙම ඖෂධ තොගය හදිසි අවශ්‍යතාවක් මත යැයි කියමින් ගෙන්වාගෙන ඇත්තේ වරාය අමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම මතය. වරාය සේවකයන්ට ආයුර්වේද ඖෂධ ලබා දීමේ ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දෙමින් ඖෂධ ගෙන්වා ඇතත් ඖෂධ ලබා දීමට සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරයකු වරාය පරිශ‍්‍රයේ නොමැති බව වරාය වෘත්තීය සමිති සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වරාය ජාතික සේවක සංගමයේ සභාපති උදේනි කල්‍යාණ තන්ත‍්‍රී මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම සඳහන් කළේ ගෙන්වන ලද ඖෂධ වරාය සේවකයන්ට නිර්දේශ කිරීම සඳහා සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරයකු වරායට අනුයුක්ත කර නැති බවයි. දැනට සිටින්නේ කටු චිකිත්සාව සම්බන්ධයෙන් වූ ඩිප්ලෝමාධාරිනියක බවත් ඇය ලවා අමාත්‍යවරයා විසින් මෙම ඖෂධ ගෙන්වා ගනු ලැබ ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වරාය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ කපා දැමූ බෝනස් මුදල් යළි ලබා දීම, වරාය පර්යන්ත පෞද්ගලිකකරණය නැවැත්වීම, නව සේවකයන් බඳවා ගැනීම සහ දැනට පවතින සේවක විෂමතා ඉවත් කිරීම, ඉකුත් ආණ්ඩු සමයේ වරාය මුදල් වංචනික ලෙස භාවිත කළ ඉහළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම ඇතුළු ප‍්‍රධාන ඉල්ලීම් කිහිපයක් බවත් ආයුර්වේද ඖෂධ හෝ වාජීකරණ ඖෂධ ඉල්ලා සිටීමට තරම් බෙලහීන තත්ත්වයක් වරාය සේවකයන්ට නොතිබූ බවත් උදේනි කල්‍යාණ තන්ත‍්‍රී මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කරුණු විමසීම සඳහා ඔහුගේ ලේකම්වරයකු අමතනු ලැබුවත් සම්පත් නමැති ලේකම්වරයා පැවසුවේ අමාත්‍යවරයා සම්බන්ධ කර දීමට නොහැකි බවයි. ඖෂධ තොගය සම්බන්ධයෙන් තමන්ට කිසිවක් සඳහන් කළ නොහැකි බව ද ලේකම්වරයා පැවසීය.

-SathHandha


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment