Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

හිටපු අගමැති වෙනුවෙන් හිල්ටන් හෝටලය ලක්‍ෂ 40 ක්‌ ඉල්ලයි.


2014 වසරේ අවසාන මාස පහක කාලය තුළදී හිටපු අගමැතිවරයා වෙනුවෙන් අවස්‌ථා කිහිපයකදී විසුම්පායට සැපයූ මත්පැන් සහ ආහාර වෙනුවෙන් රුපියල් ලක්‍ෂ හතළිහකට අධික මුදලක්‌ අයවිය යුතු බවට කොළඹ හිල්ටන් රෙසිඩන්ස්‌ හෝටලය විසින් අගමැති කාර්යාලයට ලිපියක්‌ එවා ඇත.

මෙය අගමැති කාර්යාලය වෙත කළ දෙවැනි සිහි කැඳවීම බවද පවසමින් අදාළ බිල්පත් ද සමඟින් මෙම ලිපිය එවා ඇති අතර එකී මුදල ලබා ගැනීම සඳහා හෝටලයේ මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් වසර කිහිපයක්‌ තිස්‌සේ අවස්‌ථා ගණනාවකදී උත්සහ කළ මුත් එය පියවා නැතැයිද සඳහන් කර තිබේ.

හෝටලය විසින් හිටපු අගමැතිවරයා වෙනුවෙන් මෙම ආහාර සපයා ඇත්තේ එවක අගමැති මහජන සම්බන්ධතා ලේකම් කේ. ඒ. ධර්මසේන, පෞද්ගලික සහකාර ශිරාෂ් මොහොමඩ් සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එම්. එච්. ජී. බණ්‌ඩාර යන මහත්වරුන්ගේ ඉල්ලීම මත බවද අදාළ ලිපියේ දන්වා ඇත.

2014 ජුලි 20 සිට දෙසැම්බර් 19 අතර කාලසීමාව තුළ දී විසුම්පායේ මෙන්ම හිල්ටන් කලම්බු රෙසිඩන්ස්‌ හෝටලයේ පැවැති රාත්‍රි හා සන්ධ්‍යා භෝජන සංග්‍රහයක්‌ වෙනුවෙන් මෙම මුදල අයවිය යුතුව ඇත.

එම වසරේ ජූලි 22 දින විසුම්පාය අගමැති නිල නිවසට ආ දේශීය අමුත්තන් හත් දෙනකු සඳහා රාත්‍රි භෝජන සංග්‍රහය වෙනුවෙන් පමණක්‌ රුපියල් විසි එක්‌ ලක්‍ෂ හැත්තෑ හතර දහස්‌ එකසිය හැත්තෑ අටක බිලක්‌ද මෙම ලිපිය සමඟ අගමැති කාර්යාලය වෙත යොමු කර තිබේ. ෆ්‍රයිඩ් රයිස්‌, තායි රෙඩ් රයිස්‌, රෝස්‌ මට්‌න් ලෙග් ඇතුළු ඉහළ පෙළේ ආහාර වට්‌ටෝරුවක්‌ (මෙනු පතක්‌) වෙනුවෙන් මෙම මුදල අයවිය යුතුව ඇතැයිද දක්‌වා ඇත. 

එම වසරේ සැප්තැම්බර් 07 දා විසුම්පායට ආ කියුබානු අමුත්තන් පහළොස්‌ දෙනකු වෙනුවෙන් පැවැති තේ පැන් සංග්‍රහයකටද රුපියල් තුන් ලක්‍ෂ තිස්‌ පන්දහසක මුදලක්‌ අයවිය යුතු බව හෝටලය විසින් අගමැති කාර්යාලයට දැනුම් දී තිබේ.

එම වසරේ ඔක්‌තෝබර් 18 වැනිදා ද විසුම්පාය වෙත තායි චිකන් සැලඩ්, ටූනා සැලඩ්, ග්‍රීක්‌ සැලඩ්, සුප් ඇතුළු ඉහළ මෙනු පතකට අනුව සැපයූ ආහාර වෙනුවෙන් රුපියල් දාහත්ලක්‍ෂ හාර දහසක මුදලක්‌ අයවිය යුතු බව සඳහන් කර තිබේ.

ඉහත අවස්‌ථා හැර විසුම්පායේ මෙන්ම හිල්ටන් රෙසිඩන්ස්‌ හෝටලයේ බෝල්රූම් ශාලාවේ පැවැති තවත් උත්සව කිහිපයක්‌ වෙනුවෙන්ද අගමැති කාර්යාලයෙන් මුදල් ඉල්ලා තිබේ.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP