මෛත්‍රී ආර්ථික විශාරද වෙයි - මුදල් අමාත්‍යංශය කොට උඩ.
10:47:00 AM
maithripala sirisena
,
ranil wickramasinghe
,
ravi karunanayake
,
sri lanka political gossip
ලබන මැයි මස 02 දා සිට වැඩි කිරීමට යෝජිත වූ වැට් බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නවතා දැමීම නිසා මුදල් අමාත්‍යංශය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශාල අසීරුතාවයකට මුහුණ දී ඇතැයි එම ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මෙම වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදන හා අනිකුත් ලේඛණ සකස් කොට ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඔහු විදේශ ගතවීමට පෙර නිල වශයෙන් දන්වා යවා තිබේ. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාත්, මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත සමුළුවට සහභාගි වීම සඳහා නිව්යෝක් නුවරට ගොස් ඇත.
එවැනි වටපිටාවක් යටතේ කළ යුත්තේ කුමක්දැයි දැන ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වී තිබේ. කෙසේ නමුදු ඉදිරියේ ගත යුතු පියවර ගැන විමසා දේශීය අදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඊමේල් පණිවිඩයක් යවා ඇත.
ජනාධිපතිවරයාගේ මෙම වැට් බදු වැඩිකිරීම අත්හිටවීම පිළිබඳ නියෝගය කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව දේශපාලන විචාරකයන්ගේ මතයයි. ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ජාතික ආණ්ඩුවේ ප්‍රභල හවුල්කාර පක්ෂ දෙක අතර මේ වන විට එළිපිටම සීතල යුද්ධයක් ඇති වී ඇති බවයි.
Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.
gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
0 comments:
Post a Comment