බැඳුම්කර වංචා පරීක්ෂාවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න.
බැඳුම්කර වංචා පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පූර්ණ බලැති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය රජයට යෝජනා කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20 දා) කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගේ අත්සන් සහිතව මේ යෝජනාව ඉදිරිපත් කරන බවද මෙමගින් ගිය වසරේ (2015) දී සිදු වූ මහා පරිමාණ බැඳුම්කර වංචාව මෙන්ම ඉකුත් මාර්තු 29 දින සිදුවූ බැඳුම්කර වංචාව ගැනද පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමෙන් ප්‍රතිඵලයක් නොලැබුණහොත් තම රජයක් යටතේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම තරාතිරම නොබලා නීතිය හමුවට පැමිණවීමට ක්‍රියාකරන බවද හෙතෙම සඳහන් කළේය.
ගිය වසරේ සිදුවූ මහා බැඳුම්කර වංචාව ගැන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම පරීක්ෂණය නතර කළ තැන සිට එය යළි පටන් ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටින බවද ගුණවර්ධන මහතා කීවේය.
ඉකුත් මාර්තු 29 දින රු. බිලියන 10 ක් ගන්නා බව පවසා සියයට 14.23 කට අධික පොලියට භාණ්ඩාගාර බැඳුම්කර රු. බිලියන 29 ක වටිනාකමක් දක්වා නිකුත් කර ඇති බවත් මේ පොලී අනුපාත ඉහළ යැමේ බර මහජනතාව පිට පැටවෙන නිසා මේ බැඳුම්කර ප්රශ්නය බරපතළ ප්‍රශ්නයක් ලෙස සලකන බවත් බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් කීවේය.
Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
0 comments:
Post a Comment