Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රජයේ අය-වැය ගැන විශේෂ විගණනයෙන් අනතුරු අඟවයි.


පසුගිය වසර පහක් තුළ රජයේ ආදායමට වඩා අය-වැය හිඟය අඛණ්ඩව වැඩි වී තිබෙන බව විශේෂ විගණන වාර්තාවකින් හෙළි වී තිබේ. වසර 2011 සිට 2015 දක්වා කාලය තුළ මෙම ප‍්‍රවණතාවය පෙන්වා ඇත.

එසේ වාර්ෂිකව හිඟය වැඩි වී ඇති ආකාරය මෙසේය.

2011 වර්ෂයේ රජයේ මුළු ආදායම රුපියල් කෝටි 97,400ක් වී ඇති අතර, අය-වැය හිඟය රුපියල් කෝටි 98,700ක්ය. 2012 දී රජයේ මුළු ආදායම රුපියල් කෝටි 109,400ක් වී අය-වැය හිඟය රුපියල් කෝටි 109,800ක් ද 2013 දී රජයේ මුළු ආදායම රුපියල් කෝටි 123,000ක් වී අය-වැය හිඟය රුපියල් කෝටි 133,370ක් වී ඇත.

2014 වන විට රජයේ ආදායම රුපියල් කෝටි 122,900ක් වී අය-වැය හිඟය රුපියල් කෝටි 143,200ක් සහ 2015දී මුළු ආදායම රුපියල් කෝටි 153,000ක් වී ඇති අතර අය-වැය හිඟය රුපියල් කෝටි 180,800ක් වී ඇත.

එම විශේෂ විගණන වාර්තාවේ ඉතා වැදගත් සටහනක් යොදා තිබේ. "නමුත් පවත්නා ක‍්‍රමවේදය තුළ මූලධන වියදම් යෙදවීමේ දී හඳුනා ගත් දුර්වලතා මඟහරවා ගත හොත් නාස්තිය දූෂණය අවම කිරීමෙන් වියදමේ විශාල ඉතිරියක් හා සිදු කරනු ලබන ව්‍යාපෘතිවල ගුණාත්මක භාවය වර්ධනය කිරීම තුළ මැනිය නොහැකි ආර්ථික ප‍්‍රගතියක් ලබා ගැනීම අපහසු නොවනු ඇත."

මෙම සටහනේ අවධාරණය කර තිබෙන්නේ නාස්තිය හා දූෂණය අවම කිරීම සහ ව්‍යාපෘතිවල ගුණාත්මක භාවය වර්ධනය කිරීම යන කොන්දේසි දෙක ඉටු කිරීමෙන් පමණක් මැනිය නොහැකි ආර්ථික ප‍්‍රගතියක් ලබාගත හැකි බවය. 

එහෙත් වත්මන් ආණ්ඩුය බලයට පත්වූ දින සිට ගතවූ කාලය තුළ මහ බැංකුවේ බැඳුම්කර අළෙවිය, වී අළෙවි මණ්ඩලයේ වී අළෙවිය, රේගුවේ මෝටර්රථවල බසු නිදහස් කිරීම, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල ගැනීම, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට ගොඩනැගිල්ල ගැනීම ආදී සිදු වීම්වලදී මහා පරිමාණයෙන් වංචා සිදු වී ඇති බවට පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටදීත් කියැවී ඇත. එමෙන්ම මෙහි යම් යම් කරුණු පදනම්කරගනිමින් විවිධ සංවිධාන නීතිමය කටයුතුවලට යොමු වී තිබේ.



 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP