Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද ගැන මෛත්‍රිගෙන් පොතක් සජිත්ගෙන් ගමක්.


මෛත්‍රිගෙන් පොතක්...

පසුගිය රාජ්‍ය නායකයා ක්‍රියා කළ ආකාරය පිළිබඳව තමා සතුව ඇති අත්දැකීම් සම්භාරය එක්කොට ග්‍රන්ථයක් ලිවීමේ කටයුත්ත මේ දිනවල ආරම්භ කර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (20දා) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හෙළි කෙළේය.


ඔවුන් එදා කටයුතු කළ ආකාරය ගැන මට දවස් ගණනාවක් කතා කරන්න පුළුවන්. පොත් සිය ගණනක් ලියන්න පුළුවන්. මට ඒ ආණ්ඩුවේ නායකයන් සමඟ තිබුණේ ප්‍රතිපත්ති පිළිබඳ ගැටලුවක් යැයිද ජනාධිපතිවරයා පැවැසීය.

පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ වැඩමුළුවක සමාප්ති උත්සවය අමතා ජනාධිපතිවරයා මේ අදහස් පැවැසුවේය.

සමහරු කියන අන්දමට තමා පසුගිය ආණ්ඩුවෙන් එළියට ආවේ අගමැතිකම නොලැබුණු නිසා නොවන බවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති සමඟ තවදුරටත් ඉදිරියට යා නොහැකි තැනට තමා පත්ව සිටි නිසා බවත් ජනාධිපති සිරිසේන මහතා පැහැදිලි කෙළේය.

පසුගිය රජය ජනතාව තුළ පිරිහෙන්නත් 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් තමා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන්නත් හේතු වූයේ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ගේ දූෂිත ක්‍රියාවන්ට විරුද්ධව විනය පරීක්ෂණ පැවැත්වීමට පක්ෂ නායකයා ඉඩ නොතැබීම බවද හෙතෙම සඳහන් කෙළේය.

සජිත්ගෙන් ගමක්...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමින් උදා ගමක් නම් කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ජාතික රජය කුහක දේශපාලනයේ නොයෙදෙන බවත් හිටපු වීරවරයන්ගේ හා රාජ්‍ය නායකයන් නමින් උදා ගම්මාන නම් කරනවිට හිටපු ජනාධිපතිවරයාගේ නමින්ද උදා ගමක් නම් කරන බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

හිටපු රාජ්‍ය නායකයන්ගේ හා වීරවරයන්ගේ නම් උදා ගම්මානවලට යොදන බව ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවැසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගේ නමින්ද උදා ගම්මානයක් නම් කරන්නේ දැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එසේ කීවේය.

'ඇයි නැත්තේ. එතුමා වෙනත් රටක ජනාධිපතිවරයෙක් නෙවෙයි. අපි ළඟ දේශපාලන කුහකකම් නැහැ. එහෙත් පසුගිය කාලයේ මගේ පියා හැදූ නිවාස ව්‍යාපෘතිවලට තීන්ත ටිකක් ගාලා අලුතෙන් බෝඩ් ගැහුවා. අපේ රජය ඒ තත්ත්වයට පිරිහෙන්නේ නැහැ. එතුමා විතරක් නෙවෙයි හිටපු රාජ්‍ය නායක නායිකාවෝ සියල්ලන්ගේ නමින් අපේ උදා ගම් නම් කරනවා' යැයි අමාත්‍යවරයා සඳහන් කෙළේය. 


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP