මහින්ද පිලටත් නස්රුදීන්ට වෙච්ච වැඩේම වෙලා.


මහින්ද පිල නිතර රැස්වෙන බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි කාර්යාලයක් අසල සිටි පුද්ගලයෙකු සැකසහිත යැයි පවසමින් මහින්ද පිල විසින් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලීසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ නමුත් වැඩිදුරටත් සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම පුද්ගලයා බෝතල්, පත්තර, පොලිතීන් ආදිය එකතු කරන්නකු බවය.

රට තුළ අනිසි ලෙස බිය ඇති කරමින් තැනින් තැන බෝම්බ පිපිරීමට නියමිත වාතාවරණයක් රට තුළ ඇතැයි වැනි හැඟීමක් ඇති කිරීමට නිතර උත්සාහ දරණ මහින්ද පිලට තමන් දන්නා හඳුනන්නේ නැති පුද්ගලයෙකු තම කාර්යාලයක් ඉදිරියේ ඇති පාරක ගියද ඔහු සැක කටයුතු පුද්ගලයෙකු යැයි කියන තැනට පත්වී තිබීම ඉතාම කණගාටුවට කරුණක් බව දේශපාලන විචාරකයෝ පවසති.

දේශපාලන විචාරකයන් පවසන්නේ දැන් මහින්ද පිලටද සිදුව ඇත්තේ නස්රුදීන්ට වූ අකරතැබ්බයම බවය. 

නස්රුදීන්ගේ කතාව මෙසේය... "නස්රුදීන් දිනක් ගමනක් යමින් සිටියදී කුඩා ළමුන් පිරිසකට පවසන්නේ අල්ලපු ගමේ මිනිස්සු රසවත් කෑමවේලක් ලබා දෙන බවත් තමන්ද එය බුක්ති වින්ද බවත් එය ඉතාමත් රසවත් එකක් බවත්ය. පසුව ළමුන්ද එම ගම දෙසට ගමන් කරන අතර තමන්ගේ මුහුණට හමුවන සියළු දෙනාටද ළමුන් මෙම කතාව කියයි. මෙසේ එම බොරුව කටින් කට යමින් මුළු ගම පුරාම පැතිර යන අතර පසුව නසුරුදීන්ටද එය සවනට වැකෙයි. ඔහුට තවත් කිහිපදෙනෙක්ම එය පවසන අතර ගමේ විශාල පිරිසක් අල්ලපු ගම දෙසට ගමන් කරමින් සිටිති. මේ තමන් විසින් කියූ බොරුව බව අමතක වී එය සැබෑවකැයි සිතා නස්රුදීන්ද අවසානයේ අල්ලපු ගම දෙසට ගමන් කරන්නට විය."


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment