Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

පොලිස්පති තේරීමේ ඇතුළු පැත්තේ කතාව!


ශ්‍රී ලංකා පොලීසියේ 34 වන පොලිස්පති ධූරය සඳහා මේ වන විට පූජිත ජයසුන්දර මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව නිර්දේශ කර ඇති බව වාර්තා වේ. බොහෝ මාධ්‍යවල සඳහන් වන්නේ ව්‍යවස්ථාදායක සභාවේ බහුතරයකගේ කැමැත්ත අනුව මෙය සිදුවූ බවයි. පලමු අවස්ථාවේදී ව්‍යවස්ථා දායක සභාවේ හතර දෙනෙකු එස්.එම්. වික්‍රමසිංහ මහතාට කැමැත්ත පල කර ඇතත් පසුව දෙවන වාරයේ ඡන්ද විමසීමේදී සියළුම දෙනා ඒකමතිකව පූජිත ජයසුන්දර මහතාගේ නම නිර්දේශ කිරීමට කැමැත්ත පල කොට තිබේ.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙරේදා (17) ජනාධිපතිවරයා හමුවී ඇති අතර එහිදී රාජිත විමසා ඇත්තේ එස්.එම්. වික්‍රමසිංහ මහතාට පොලිස්පති ධූරය ලබා දීමට ජනාධිපතිවරයා මේ වන විටත් කැමැත්ත පලකොට ඇති ද යන්නයි. ජනාධිපතිවරයා රාජිතගේ කතාවේ පදනම විමසා සිටි විට රාජිත පවසා ඇත්තේ එස්.එම්. වික්‍රමසිංහ මහතාව වැඩ බලන පොලිස්පති ධූරයට පත්කිරීම තුලින් මීළඟ පොලිස්පති කවුද යන්න ජනාධිපතිවරයා ඉඟි කර ඇති බවට මතයක් සමාජ ගත වී ඇති බවයි. ඒ පිළිබඳව මදක් නිහඬව කල්පනා කරමින් සිටි ජනාධිපතිවරයා කිසියම් පුද්ගලයෙකුට වහාම දුරකතනයෙන් අමතා පවසා තිබෙන්නේ ‘මමවත් අගමැතිවත් තමුන්නාන්සේලාට කිසිම බලපෑමක් කරන්නෑ. ඒක නිසා වඩාත් අපක්ෂපාතී හා ස්වාධීන සුදුසුම පුද්ගලයා පදවිය සඳහා තෝරා ගන්නා ලෙස' යි.

මේ අතර එස්.එම්. වික්‍රමසිංහ මහතාට හිතවත් මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය පෙරේදා (17) තීරණය කර ඇත්තේ වික්‍රමසිංහ මහතාට පොලිස්පති ධූරය ලබා දීමට නම් අද දවස තුලදී පූජිත ජයසුන්දරට පොලිස්පති ධූරය අගමැතිවරයාගේ නිර්දේශයෙන් ජනාධිපතිවරයා ලබා දෙන බවට පැල කළ පුවතක් (Plant News) ඔවුන්ට හිතවත් මාධ්‍ය ඔස්සේ වහාම ප්‍රචාරය කර හරින ලෙසයි. එයින් ව්‍යවස්ථාදායක සභාව නොමග යවා තමන්ට හිතවත් කමක් ඇති එස්.එම්. වික්‍රමසිංහ මහතා පොලිස්පතිකරවා ගැනීම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ කූඨ යටි අරමුණ වී තිබේ. නමුත් ඔවුන්ගේ මාධ්‍ය ප්‍රචාරය කුමන හේතුවක් මත හෝ අසාර්ථක වීම නිසා පුවත පැල කර ගැනීමට නොහැකි වී තිබේ. දීර්ඝ අවුරුදු නිවාඩුව ඊට එරෙහි වූ බව කුමන්ත්‍රණයට සම්බන්ධ පුද්ගලයෙකු වෙත පැවසීය.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයෙකුගේ නොමද සහාය ධූරය ලබා ගැනීමට ලැබී ඇති අතර කෙසේ වුවද චන්දන වික්‍රමරත්න මහතාගේ නම ප්‍රතික්ෂේප වී ඇත්තේ ඔහුට තවත් වසර 7 ක් පොලීසියේ සේවය කිරීමට අවස්ථාව ඇති නිසා අනාගතයේදී අනිවාර්යෙන්ම පොලිස්පති ධූරය දැරීමට හැකියාව ලැබේ යන පදනම මතය.

අතීතයේ කවර වැරදි තිබ්බත් පූජිත ජයසුන්දර මහතාට පොලිස්පති ධූරයේ කාර්ය හා කර්තව්‍ය ප්‍රශස්ථ ලෙස ඉටු කිරීමට හැකි වේවා යන්න GLP ප්‍රාර්ථනයයි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP