VAT ගැන ආණ්‌ඩුව වැට උඩද? කොට උඩද?


යෝජිත බදු වැඩි කිරීමේ සංශෝධනයට එරෙහිව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයෙන් පසු එකතු කළ අගය මත බදු (වැට්‌) ප්‍රතිශතය සියයට 15 දක්‌වා වැඩි කිරීමේ බදු සංශෝධනය ඒ අයුරින්ම ක්‍රියාත්මක වනවාද එසේ නැතහොත් එහි වෙනසක්‌ සිදුකරනවාද යන්න සම්බන්ධයෙන් තවමත් මුදල් අමාත්‍යාංශයට අලුතින් උපදෙස්‌ ලැබීමක්‌ සිදුව නැතැයි එම අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌ ඊයේ (19 දා) පැවසීය.

මේ අනුව සියයට 15 ක්‌ දක්‌වා වැට්‌ බද්ද ඉහළ නැංවීමේ සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ද දැනගන්නට තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ බදු සංශෝධනය ගැන අදහස්‌ දක්‌වමින් කියා තිබුණේ පොදු මහජනතාවට පීඩාවක්‌ වන අන්දමේ කිසිදු බද්දක්‌ නොපනවන බවත්, කිසිදු ආර්ථික විශේෂඥයකුට ඒ සඳහා ඉඩ නොතබන බවත්ය. ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයත් සමඟ අගමැතිවරයා යෝජනා කළ වැට්‌ බදු සංශෝධනයට කුමක්‌ සිදුවන්නේදැයි කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යාංශයේ එම උසස්‌ නිලධාරියා මේ බව කීවේය.

අග්‍රාමාත්‍යවරයා මුලින් යෝජනා කළ වැට්‌ බද්ද සියයට 15 දක්‌වා ඉහළ නැංවීමේ සංශෝධනය සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශයෙන් ලිත උපදෙස්‌ ලැබී තිබුණ ද ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීමක්‌ එම දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබිණි. ජනාධිපතිවරයා අදාළ බදු සංශෝධනයට එරෙහිව අදහස්‌ දක්‌වා තිබුණේ මේ අතරේය. එහෙත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අදහස්‌ අනුව එම යෝජිත වැට්‌ බදු සංශෝධනයට කුමක්‌ සිදුවනු ඇතිද සහ එය යම් සංශෝධන සහිතව ක්‍රියාත්මක වනු ඇති ද යන්න සම්බන්ධයෙන් එම බදු සංශෝධනය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනවලට තවමත් පවතින්නේ ව්‍යාකූල තත්ත්වයකි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment