Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

නාමල් ගල් පැලෙන බොරු කියයි (VIDEO)


හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතා අමු අමුවේ අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින බව නීතී ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු පවසති.

ඒ ඊයේ (22) හදිසියේම යෝෂිත රාජපක්ෂ මහතාව නැවත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කැඳවා ඇති බවත් එසේ කැඳවන ලද්දේ  එළෙඹෙන මැයි පළමුවෙනිදා මහින්ද පිල වෙනම මැයිරැලියක් පැවැත්වීමට සූදානම් වන නිසා එයට බාධා පැමිණවීමේ අරමුණෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.

සිදුව ඇත්තේ වෙනත් සිදුවීමකි. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 828/16 යටතේ ලබාගෙන ඇති සොදිසි නියෝගයකට අනුව කරන ලද පරීක්ෂණවලදී යෝෂිත රාජපක්ෂට අයත් තවත් රුපියල් කෝටි ගණනක දේපළ සොයාගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නැවත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කැඳවා තිබී ඇත.

ඒ සඳහා පළමුවෙන් අධිකරණය විසින් යෝෂිත රාජපක්ෂට දන්වා ඇත්තේ අප්‍රේල් 5ත් 7ත් අතර කාලයේ ඒ සඳහා පෙනී සිටින ලෙසය. එමෙන්ම අදාළ කෝටි ගණනක් දේපළවල හිමිකාරියක බව සඳහන් කරන වයෝවෘධ කාන්තාවක් සම්බන්ධයෙන්ද යෝෂිත රාජපක්ෂ කරුණු ඉදිරිපත් කර ඇති බැවින් ඇයද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ඉදිරිපත් කරන ලෙස දන්වා තිබී ඇත. එම නියෝග අනුව අදාළ කාන්තාව ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත අවුරුදු සමයේ නැවත තමන්ව අත්අඩංගුවට ගනිතැයි බිය වී ඇති යෝෂිත ඒ බව සිය නීතිඥයින්ට දන්වා තිබේ.

ඉන් පසු ඔවුන් යෝෂිත රාජපක්ෂ සිය නීතීඥයින් මගින් නැවතත් අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ තමන්ට අප්‍රේල් 5ත් 7ත් අතර කාලයේ ඒ සඳහා පෙනී සිටීමට නොහැකි බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙසය. ඒ අනුව අප්‍රේල් 18ත් 23ත් අතර දිනයක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස යෝෂිතට දන්වා ඇත. 

ඒ අනුව ඔවුන්ම ඊයේ දිනය වෙන්කරගෙන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටියා විනා නාමල් රාජපක්ෂ පවසන පරිදි ඔවුන්ගේ දේශපාලන ගමන කඩකප්පල් කිරීමට ඊයේ දිනයේ හදිසියේ කැඳවා ඇතැයි යන්න ඉතාම සාවද්‍ය ප්‍රකාශයක් බව නීතී ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු පැවසූහ.


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment