Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

3ත් නැතිවුණ මහින්ද කජුටාගේ 6ට යයි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) උගන්ඩාවේ සංචාරයක නිරත වීමට නියමිතය. ඒ, උගන්ඩා ජනපති යොවේරි කජුටා මුසවෙනි මහතාගේ හයවන වරට පදවි ප්‍රාප්ත වීම වෙනුවෙන් වන ජාතික උත්සවයට සහභාගී වීමටය.  කජුටා මහතා එරට දෙවැනි නිදහස් අරගලයේ පුරෝගාමියෙකු වූ බවත් පසුගියදා පැවති මැතිවරණයෙන් 61%ක් ඡන්ද ලබා හයවැනි වරටත් ජනපති වූ බවත් මහින්ද මහතාගේ මාධ්‍ය අංශය මේ පිළිබඳව කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් ය. 

එකම ජාතියේ කුරුල්ලන් එකම අත්තේ වහන බවට කතාවකුත් ඇත. අපේ හිටපු ජනපතිතුමාත් යුද්ධය හැඳින්වූයේ දෙවැනි නිදහස් අරගලය හැටියට ය. ඒ නමුත් ලංකාවේ ඉන්නේ උගන්ඩාවේ වැනි කෙළෙහිගුණ දිගින් දිගට ම සලකනා ජනතාවක් නොවේය. මහින්දතුමාට තුන්වෙනි වරටවත් ජනපති වන්නට මෙහි සිටි ගුණමකු ජනතාව ඉඩ දුන්නේ නැත. එහෙත් ලංකාවේ එහෙම උනත් උගන්ඩාවේ එහෙම වෙන්නේ නැත. අන්න රටවල් නම් රටවල් ය. ඉතින් එතුමාගේ හිත හැදෙන්නත් එක්ක උගන්ඩා ජනපති තුමා කළ ආරාධනය අම්බානෙක වටිනවාය. 

අනික නම් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා කියන්නේ මෙහෙම එව්වාටය. පදවිය නැති වුණත් තවම ආරාධනා එනවාය. ලංකාවේ ජනපතිටවත් අගමැතිටවත් නොලැබෙන උගන්ඩා ආරාධනා හිටපු ජනපති මහින්ද මහතාට හිමිය. 'මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති - බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා විති' කියා කියන්නේ මේවාටය. 

ජනපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් දෙකෙන් ම ඇණගත් පසුව ඊයේ පෙරේදා කිරුළපන රැළියෙන් හෝ දිනන්නට බලා සිටි මහින්ද මහතාට ඒ අවස්ථාවත් ලැබුණේ නැත. එනිසා උගන්ඩාවේ යකැදුරෙකුටවත් කියා වශී ගුරුකමක්වත් කරගන්න පුළුවන් නම් වටිනවාය. ඒ අතරේම එතුමාගේ තවත් සුමිතුරෙක් වන සුවාසිලන්තයේ ජනාධිපතිතුමාවත් ඔය එක්කම බලාකියා ගෙන පොඩ්ඩක් තිරිහන් වී එන්නට හැකිනම් ඒකත් නරකක් වෙන එකක් නැත. 

කොහොම වෙතත් ඒකාලේ වගේ ප්ලේන් එකක් පුරවා සෙනඟ ගෙනියන්නට දැන් ලැබෙන එකක් නැත. නැත්නම් බැසිල් නිසා හිතේ අමාරුවෙන් ඉන්නා විමල්, උදය, ඩලස් වගේ සෙට් එකට උගන්ඩාව පෙන්නා ශේප් කරගන්න තිබුණාය. සුවාසිලන්තය පෙන්නා සාරුවා සුනිල්ව ආපහු ගන්නත් තිබුණාය. අපරාදේය. එහෙත් වැඩක් කරගන්නට බැරිමත් නැත. එතුමාට තියෙන්නේ මෙහේ හමුදා ආරක්ෂාව අයින් කළ උන්ට රිදෙන්නත් එක්ක උගන්ඩා හමුදාවෙන් ආරක්ෂාව ඉල්ලාගෙන මෙහෙට ගේන්නය. 'උගන්ඩාවෙත් ගිහින් තලගොයිත් මරාගෙන එනවා' කියන්නේ එහෙම ඒවාටය. 

තමුන්ගේ 3 හදිසි වී නැති කරගත්තත් කජුටාගේ 6 බලන්නට ආරාධනා ලැබූ මහින්ද මහතාට අපේ සුබපැතුම්ය. "ඔබට සෝ තැවුල් නොමවේවා" ය.

 - සුනිත් අරුණශාන්ත

හිටපු ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පහතින් දැක්වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරය
ශ‍්‍රී ලංකාවේ 5 වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩා ජනරජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව මැයි 11 වන දා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතය. උගන්ඩා ජනරජයෙන් මහින්ද රාජපක්ෂ මහතාට මෙම නිල ආරාධනාව ලැබී ඇත්තේ එරට ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි මහතාගේ හයවෙනි ජනාධිපති පදවි ප‍්‍රාප්ති ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීම සඳහායි.  

උගන්ඩාවේ දෙවෙනි නිදහස් අරගලයේ පුරෝගාමියකුවූ ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් 61‍%  ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා හය වෙනි වරටත් එරට මහජන ඡන්දයෙන් ජනාධිපති ධූරයට තේරීපත්වී ඇත. 

ව්‍යුහාත්මක ගැලපුම් ආර්ථික සංකල්ප ක‍්‍රියාවට නංවමින් උගන්ඩාවේ ආර්ථිකය සාධනීය වෙනසකට පත්කල නායකයා ලෙස සහ  ඒඩ්ස්  උවදුර තුරන් කිරීමේ ලෝක අරගලයට ඉහලම දායකත්වයක් සපයන අප‍්‍රිකානු නායකයෙකු ලෙසත් උගන්ඩා ජනාධිපති යොවේරි කජුටා මුසෙවෙනි ලෝක අවධානයට ලක්වුනු අයෙකි.  යොවේරි කජුටා මුසෙවෙනි ජනාධිපති ටැන්සානියා ආර්ථික විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ දේශපාලන විද්‍යා පිළිබඳ උපාධිධරයෙකි.

පසුගිය රජය නොබැඳි ජාතීන් සමග පැවැත්වූ සුහද සම්බන්ධතාවල ප‍්‍රතිඵලයක් ලෙස මෙම ආරාධනාව මහින්ද රාජපක්ෂ මහතා වෙත ලැබී ඇත.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment