Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අගමැතිට කාර් ගන්න කෝටි 59යි : කබීර්ගේ ගේහදන්න මිලියන 34යි.


අගමැතිවරයා වෙනුවෙන් ප්‍රභූ ආරක්ෂක රථ දෙකක් මිලදී ගැනීමට රුපියල් පනස් නවකෝටි හතලිස් ලක්ෂයක (රු. 594,000,000) අමතර මුදලක් වෙන්කර ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඒ අතර ඩිජිටල් ව්‍යාපෘති අමාත්‍යවරයාගේ නිල නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 42ක්ද වාර්ෂික ප්‍රතිපාදනවලට අමතරව පරිපූරක ඇස්තමේන්තු මගින් වෙන්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නියමිතව ඇතැයි පැවසේ.

හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා වෙනුවෙන් 2014 වර්ෂයේදී වියදම්කර ඇති මුදල රුපියල් 321,385,000 ක් බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද මේ මුදල වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 549,498,000 දක්වා ඉහල දමාගෙන ඇති බවද වාර්තා වේ.

රනිල් කාර් ගන්නේ තිබුණ කාර් මහින්ද ගෙනගිය නිසයි

අග්‍රාමාත්‍යවරයාට ප්‍රභූ රට දෙකක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටි අතර ඊට පිළිතුරු දුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කියා සිටියේ අදාළ ප්‍රභූ ආරක්ෂක රථ මිලදී ගැනීමට සිදුව ඇත්තේ තිබූ ප්‍රභූ ආරක්ෂක රථ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රැගෙන ගොස් ඇති නිසා බවයි.

කෙසේවුවද එහිදී වැඩිදුරටත් වීරවංශ මහතා කියා සිටියේ කබීර් හෂීම් ඇමතිවරයාගේ නිල නිවස අලුත්වැඩියාවට රුපියල් මිලියන 34ක් වියදම් කර ඇති බවයි.

මේ වසරට අගමැතිවරයා වෙන්කරගෙන ඇති මුළු මුදල රුපියල් 486,200,000 ක් බවද මේ අතර වාර්තා වේ.

කටකතාවක්

මේ අතර, ඊයේ (06) පැවැති මාධ්‍යහමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට ප්‍රභූ ආරක්ෂක රථ දෙකක් මිලදී ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බවට පැතිර ඇති කතාව කට කතාවක් බවයි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment