Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අනුර සේනානායක ගුරුකමක් කර ගන්න ගම්පහ ගිහින්.


මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරය අභියස සිටින විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කට උත්තර ලබාදීම සඳහා රහස් පොලිසිය වෙත ඊයේ(20) නොපැමිණියේ මන්දැයි විමසා බැලීමේදී, ඔහු රහස් පොලිසිය වෙත පණිවිඩයක් එවමින් කියා ඇත්තේ  තම හිතවතුන් කිහිප දෙනෙක් සමග හදිසි කටයුත්තක් සඳහා කොළඹින් බැහැරව යාමට සිදුවූ නිසා පැමිණීමට ප්‍රමාද වන බවයි.

පෙරේදා සහ පළමුදා දිනයන්හි අනුර සේනානායක මහතාව පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් විසින් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර ඔහු පැවසූ යම් යම් දෑ තහවුරු කර ගැනීමට ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරීන් රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රශ්න කිරීම අද සිදුකොට තිබේ.

රහස් පොලිසිය විසින් අනුර සේනානායක මහතාට දැනුම් දී ඇත්තේ ඊයේ පස්වරුවේ නැවත රහස් පොලිසියට පැමිණෙන ලෙසයි.

මේ අතර ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශවාසීන් පවසන්නේ අනුර සේනානායක මහතා ඇතුළු පවුලේ කීපදෙනෙක්ම වේයන්ගොඩ ප්‍රසිද්ධ දේවාලයකදී පූජාවකට සහභාගි වෙමින් සිටින බවයි. නමුත් ඒ බව සඟවමින් අනුර සේනානායක මහතා පවසා ඇත්තේ තමා හදිසි කටයුත්තක් සඳහා කොළඹින් බැහැරව ගොස් සිටින බැවින් පැමිණීමට ප්‍රමාද වන බවයි.

කෙසේ නමුත් රහස් පොලිස් නිලධාරීන් අනුර සේනානායක මහතාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පසුවූ බව වාර්තා වේ. අනුර සේනානායක මහතා රහස් පොලීසිය වෙත පැමිණි පසු ඔහු මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එකී වාර්තාව වැඩිදුරටත් සඳහන් කර සිටී.



 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment