Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

කබ්රාල්ගේ නාස්තිකාර වියදම් කෝප් කමිටුවට.



2018 වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල සංචාරය කළ පුද්ගලයන් 140 දෙනෙකු වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා රජය රුපියල් හාරලක්ෂ හතළිස් තුන් දහස් එකසියයක් (4,43,100) මුදලක් වැය කර ඇති  බවට මහ බැංකුව ලබාදී  ඇති පිළිතුර සම්බන්ධයෙන් මහබැංකු නිලධාරීන් ‍පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) හමුවට කැඳවා පරීක්ෂණයක් පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

එම සංචාරය සඳහා ගිය 140 දෙනා වෙනුවෙන් එක් අයෙකුට වැය කර ඇත්තේ රුපියල් 3165ක් ලෙස සටහන්ව තිබිම තමන්ටද ගැටලුවක් ඇති බැවින් මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවට කැඳවා පරීක්ෂණයක් සිදු කළ යුතු යැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මෙහිදී පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට එම පිළිතුර දුන් අවස්ථාවේ ඒ ගැන ගැටලුවක් ඇති බවට මතු කළ අවස්ථාවේ ඇමැතිවරයා මේ බව පැවැසීය. සංචාරය කළ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් හාර ලක්ෂ හතළිස් තුන් දහස් එකසියයක් වැය කළත් සංචාරයේ මුළු වියදම රුපියල් තිස් පන් කෝටි අසු හය ලක්ෂ දෙළොස් දහස් හත්සිය දහඅටක් (රු. 358,612,718) බවද ඇමැතිවරයා පිළිතුර ලබා දෙමින් සඳහන් කර තිබේ.

කෙසේ නමුත් ඉකුත් රජය යටතේ වූ මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 

2018 වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයන්ගේ ඡන්දයෙන් සත්කාරක රට තෝරා ගැනීම 2011 නොවැම්බර් මස 11 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සාන්ත කිට්ස් නගරයේ දී පැවැත්වූ අතර එහි ජයග්‍රහණය ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරයට හිමිවිය.




 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP