Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ජනපතිවරණය දා රාත‍‍්‍රියේ මහින්ද දුන් දුරකථන ඇමතුම ගැන මැ.කො හෙළිකරයි.


පසුගිය ජනාධිපතිවරණ දිනයේ ප‍‍්‍රතිඵල ප‍‍්‍රකාශයට පත් කරමින් පැවැති මධ්‍යම රාත‍‍්‍රියේදී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට දුරකථන ඇමතුමක් ලබාදුන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍‍්‍රිය මහතා පවසනවා. මේ ඔහු ඒ පිළිබදව සිදුකර ඇති අනාවරණයයි.


  • ඡුන්දය දා රාත‍්‍රියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔබට කතා කළ බව පැවසෙනවා. ඇත්තටම ඔහු එදා ? ඔබට කතා කළාද? 

මැතිවරණය දවසේ රාත‍්‍රියේ එතුමා මට දුරකතනයෙන් කතා කළා. ඊට පස්සෙත් මට එතුමා කතා කරලා තියෙනවා. එතුමා ඇහුවේ ඡුන්ද ප‍්‍රතිඵලය අනුව මම පරාදයි නේද කියලායි. මම එතුමාට කිව්වා දැනට තියෙන තත්ත්වය එහෙමයි නමුත් උදේ 6.00 විතර වෙනකම් මට ඒක හරියට කියන්න බැහැ කියලා.


  • පැරදුනාට පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව ඔබට හමුවුණේ නැතිද?

ඔහු මට හමුවුණා. විවිධ උත්සවවලදී එතුමා මට හමුවෙලා තියෙනවා. මගුල් ගෙවල්වලදී අවමගුල් උත්සවවලදී අපේ දෙපාර්තමේන්තුවේ 60 වෙනි සංවත්සරයේදී අපි හමුවෙලා කතා කරලා තියෙනවා. දේශපාලන කටයුතුවලදි එතුමාට යමක් දැනගන්න අවශ්‍ය නම් මට කතා කරනවා. එතුමා ජනාධිපතිව ඉන්න කාලයේත් අගමැතිව ඉන්න කාලයේත් ඒවගේම විපක්ෂයේ සිටියදීත් හමුවෙලා තියෙනවා. මම 1987 මාතර සහකාර කොමසාරිස් හැටියට කටයුතු කරද්දී එතුමා මන්ත‍්‍රීවරයෙක් නොවෙයි. එදා 1984 මුල්කිරිගල තිබුණු අතුරු මැතිවරණය කරද්දි ඔහු මට හමුවෙලා තියෙනවා. දිර්ඝකාලයක් තිස්සේ මම එතුමාව දන්නවා. දැන් ඉන්න ජනාධිපතිතුමාත් බොහො කලක් ඉඳලා දන්නවා. අගමැතිතුමාත් එහෙමයි. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ඉන්න දේශපාලනඥයෝ බොහෝ දෙනක් මම දන්නවා. ඔවුන් ඇසුරු කරලා තියෙනවා.


  • ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රි දිනුවත් මහින්ද පැරදුනත් මුළු රටෙන්ම දිනුවේ මහින්ද දේශප‍්‍රියද?

ඒකට සමහරු කියනවා මෑන් ඔෆ් ද මැච් නේද කියලා. මම කියන්නේ මම මෑන් ඔෆ් ද මැච් නොවෙයි. මම කි්‍යුරේටර්ත්‍ව. නැත්නම් ග‍්‍රවුන්ඞ්ස්මන්ත්‍ව. සැම දෙනාටම සමානව කටයුතු කළ හැකි ක‍්‍රීඩා භුමියක් සැකසීම තමයි මම කෙරුවේ. මට මෙතනදී එකම සතුටක් තියෙනවා. මොකද අපට බැණ බැණ හිටපු උදවිය මේ ඡුන්දයෙන් පස්සේ අපට ප‍්‍රශංසා කරන්න පටන් ගත්තා. අටලෝ දහම වගේ ලැබුණු විවේචන හා ලැබුණු ප‍්‍රශංසා සියල්ල උපේක්ෂාවෙන් බලන එක තමයි අපේ රාජකාරිය. කිසිදු මැතිවරණයක් හොඳින් තියන්න බැහැ ජනතාව, දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් අපට සහාය දැක්වූවේ නැතිනම්. ඉතින් ප‍්‍රශංසා සියල්ල හිමිවිය යුත්තේ මේ සියලූ දෙනාටයි


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP