Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'FCID සහ CID ප්‍රධානීන් මට 100% ක් විශ්වාසයි' - අගමැති කියයි.


මුල්‍ය අපරාධ කොට්ඨාශයේ (FCID)හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රධානීන් ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර වෛද්‍යලංකාර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහත්වරුන් අවංක සහ කාර්යක්ෂම නිළධාරීන් ලෙස තමාට 100% ක් විශ්වාස බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කර සිටී.

අගමැතිවරයාට මෙසේ ජනාධිපතිවරයා වෙත සඳහන් කිරීමට හේතුවී ඇත්තේ FCID සහ CID ප්‍රධානීන්ට එරෙහිව, ඔවුන් නඩු කටයුතු ප්‍රමාද කරන බව දක්වමින් ඔවුන්ව ඉවත් කිරීමේ කැබිනට් යෝජනාවක් ලඟදීම කැබිනට් මණ්ඩලයට ගෙනඒමට යහපාලන රජයේ ප්‍රබල ඇමතිවරුන් පිරිසක් සූදානම් වන බවට රාවයක් පැතිර යාම නිසාය. 

මෙසේ රවී වෛද්‍යලංකාර මහතාට හා රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව කැබිනට් යෝජනාවක් ගෙනඒමට සූදානම් වන්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මෙගාපොලිස් අමාත්‍ය චම්පික රණවක, වරාය අමාත්‍ය අර්ජුණ රණතුංග හා අලුතින්ම කැබිනට් මණ්ඩලයට එක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අමාත්‍යවරු විසිනි. තවත් නවක ඇමතිවරු කිහිපදෙනෙක් ම මෙම යෝජනාවට සහාය දැක්වීමට යන බව කියවේ. 

මේ පිළිබඳව ජනාධිපතිවරයාට වැඩිදුරටත් කරුණු දක්වා ඇති අගමැතිවරයා පවසා ඇත්තේ 'ඒ අයට, ඒ අයගේ රාජකාරිය කරන්න ඉඩ දෙමු. මේක හොරා-පොලිස් සෙල්ලමක් නෙවෙයි. සාක්ෂි මතුකර ගැනීම සූක්ෂ්මව කරන්න ඕන දෙයක්. විත්තියේ නීතිඥයො බලන් ඉන්නෙ කොහෙන්ද රිංගන්න පුලුවන් කියල හොයාගන්න. මේක හරියට දෙපැත්තම තියුණු කඩුවකින් පහර දෙනවා වගේ. ඉලක්කය වැරදුනොත් ගහපු කෙනාවම කැපිල යනවා' කියාය.

අගමැතිවරයාගේ ප්‍රකාශය තහවුරු කරමින් අපවෙත කරුණු දැක්වූ ශ්‍රී ලංකාවේ සුප්‍රකට අපරාධ නීතිඥයෙකු පවසා සිටියේ 'රාජිතලට, චම්පිකලට, අර්ජුණලට, ෆොන්සේකලට නීතිය ගැන මෙලෝ හසරක දැනුමක් නෑ. ඒ අයට ඕනෙ නාමල්ව ඇල්ලුවා, ගෝඨව ඇල්ලුවා, බැසිල්ව ඇල්ලුවා කියලා නිකං මාධ්‍ය සන්දර්ශන පවත්තන්න. එතකොට මිනිස්සු ඒ අයගෙන් වැට් බදු ඉහළ දාපු එක ගැන, ජීවන වියදම ගැන අහන්නෑ නේ. විශේෂයෙන්ම මුල්‍ය අපරාධවල සාක්ෂි ගොනුකරන්න ඕන හරියට කාලයේ වැලිතලාවෙන් වැහිච්ච වටිනා කෞතුක වස්තුවක් ගොඩගන්නව වගේ, බොහොම සූක්ෂ්මව. ඒවගේම අපරාධයකදි ඇසින් දුටු සාක්ෂි නැත්තං කේස් එක ගොඩනගන්න ඕන පරිවේශනීය සාක්ෂි මත. (Circumstantial Evidence) ඉතිං දේශපාලනඥයන්ට තියන තදියමට රහස් පොලීසිය වැඩ කරන්න ගියොත් අපිට ඉතා ලේසියෙන් ඒ නඩු බිඳහෙලන්න පුලුවන්' යනුවෙනි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment