Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

FCID ළඟදීම වැසෙන ලකුණු.


පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) ළඟදීම වැසියන ලකුණු පහළවී ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ඒ අනුව, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුබද්ධ ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිත බව ද ඔහු කියා සිටියේය.

දුෂණ සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිලි ගොනුකළ 'දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ' සිවිල් කාර්යමණ්ඩලයේ හැදුනුම්පත් වල කාලසීමාව දීර්ග නොකිරීමෙන් එය සනාථවන ඔහු පෙන්වා දුන්නේය.

එම කාර්ය මණ්ඩලයට ලබාදී තිබු හැඳුනුම්පත්හි කාලය ඉකුත් අප්‍රේල් 08 අවසන්වී ඇති අතර එය ජුනි 30 දක්වා පමණක් දිගුකර තිබේ.

වංචා, දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබෙන මහජන පැමිණිලි ගැන මූලික විමර්ශනයක් සිදු කර වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස්පතිවරයා වෙත භාරදීම 'දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය' විසින් සිදුකෙරිණ

ඒ අනුව, දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් මේවනවිට ඊට ආදාළ ලිපිගොනු 70කට ආසන්න ගණනක් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය යොමුකිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශන අවසන්කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්කර ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මේවනවිට චෝදනා ගොනුකර නඩු පැවරීම් කටයුතු ද සුදානම් කර ඇතැයි ද වාර්තාවේ.

එජාප හිතවතුන්ටත් චෝදනා :

මෙසේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වසා දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇත්තේ, ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන්ට මෙන්ම ඔවූනට හිතවත් රජයේ නිලධාරීන්ටද දුෂණ චෝදනා එල්ලවෙමින් තිබීම බව පැවසේ.

අග‍්‍රාමත්‍යවරයාගේ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කරමින් සිටින හේමා පේ‍්‍රමවර්ධන මහත්මිය ද අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පසුගියදා සුදානම් වීම එහි ආසන්නම සිද්ධියයි.

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ සංචාරක ප‍්‍රවර්ධන සම්බන්ධයෙන් ඉහල වගකීමක් දැරූ ඇය, පසුගිය රජය සමයේ රුපියල් ලක්‍ෂ 70කට අධික රාජ්‍ය මුදලක් අවභාවිතයේ යෙදවූයේ යයි චෝදනා ලැබ සිටියි.

ඒ අනුව ඇය නීතිපති උපදෙසින් පසුගියදා අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණ.

කෙසේ වෙතත් දේශපාලන බලවතෙකුගේ බලපෑමක් මත එම අත්අඩංගුවට ගැනීම අතහැර දැමීමට පොලිසියට සිදුවිය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP