Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

O/L පාස් නැති ITN ලොක්කෝ.


ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයම දිනෙන් දින අවුලට ඇද වැටෙන බව පසුගිය මාස කිහිපය පුරාම වාර්තා පලවිය.

අද වන විට සමස්ථ රූපවාහිනී අතරින් 4 වැනි තැන පසු වන ITN  පසුගිය මාසයට වඩා තවත් 1% කින් නාලිකා ප්‍රතිශතය පහත වැටී ඇත.

එනම් ITN  නාලිකා ප්‍රතිශතය 7.2% කි.

මේ තත්ත්වය මත වුවත් ආයතනයේ කිසිඳු කඩා වැටීමක් සිදු නොවන බව වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු පවසයි.

එහෙත් මේ වන විට අළෙවි අංශයේ මාසික ආදායමේ සාමාන්‍ය අඩුවීමක් පෙන්නුම් කරයි.

මෙවර වෙසක් වැඩසටහනේ ආදායම පෙර වසරට වඩා අඩුවීම වැළැක්විය නොහැකි බව අළෙවි නිළධාරීන් ප්‍රකාශ කරයි.

ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පවසන්නේ නාලිකාවේ ස්ථානය සහ නාලිකා ප්‍රතිශතය සීග්‍ර ලෙස කඩා වැටීමයි.

මේ තත්ත්වයට සභාපතිතුමා ප්‍රමුඛ අධ්‍යක‍ෂ මණ්ඩලය මෙන්ම යහපාලන ආණ්ඩුවද වගකිව යුතු බව ITN සේවකයෝ පෙන්වා දෙති.

පසුගිය පාලන සමයේ ITN  තුළ සිදුවූ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් සේවක පැමිණිලි 400 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුනත් ඒ කිසිවක් සඳහා ප්‍රතිචාර දැක්වීමට වත්මන් පාලන අධිකාරිය කටයුතු කර නැත.

සෑම අවස්ථාවකම වාගේ ස්වාධීන රූපවාහිනි සේවයට පත්වන සභාපතිවරුන් නොමග යවමින් එක් එක් අයගේ වංචා දූෂණ යටපත්කර ගැනීමට ඔවුන් සමත්වී ඇත.

එහි ප්‍රබල අර්බුධය නම් සුදුසුකම් නැති අයට සහකාර කළමනාකරණ, කළමනාකරණ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි තනතුරු පිරිනැමීමයි.

දැනට ITN  හි කටයුතු කරන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ලක්හඩ) අශෝක කරුණානායක සාමාන්‍ය පෙළ ද අසමත් අයෙකි.

ඔහුට සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල සහ ආගම සඳහා සම්මාන සාමාර්ථ ද ඉංග්‍රීසි, සෞඛ්‍ය, චිත්‍ර, විද්‍යාව සහ සාමාජ අධ්‍යයනය සඳහා සාමාන්‍ය සාමාර්ථ ද ඇත.

ඔහු සාමාන්‍ය පෙළ ගණිත විෂය අසමත්ය. සාමාන්‍ය පෙළ අසමත්වීම හේතුවෙන් කොළඹ නාලන්දා විදුහලෙන් උසස් පෙළට මුහුණ දීමේ වරමද ඔහුට අහිමිවී ඇත.

වෘත්තීය සුදුසුකමක් ලෙස ඔහුට ඇත්තේ ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් ජනමාධ්‍ය සඳහා ලබාගත් ඩිප්ලෝමා සහතිකයක් සහ ගුවන් විදුලියේ නිවේදකයෙකු ලෙස සේවය කිරීම පමණි.

මෙවන් අයෙක් ලක්හඩ ගුවන් විදුලියේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම ලක්හඩ වසරින් වසර පාඩු ලැබීමට ප්‍රධානම බලපෑමක් සිදු කරයි.

2010 වසරේ සිට 2015 දක්වා ලක්හඩ ලබා ඇති මූල්‍ය පාඩුව රු. මිලියන 220 කි.

අද ලක්හඩ ගුවන් විදුලිය රැඳී සිටින්නේ 14 වන ස්ථානයේය.

අශෝක කරුණානායක හමුවේ චෝදනා රාශියක් එල්ලවී ඊට චෝදනා පත්‍ර ද ගොනුකර ඇති මොහොතක ඔහු අදටත් ලක්හඩ ගුවන් විදුලියේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

අද ඔහුට ආරක‍ෂාව සපයන්නේ සභාපති හේමසිරි ප්‍රනාන්දුය.

පෙර රජයේදී ඔහුගේ ආරක‍ෂකයා වූයේ හිටපු ජනාධිපතිවරයාය.

ඒ අශෝකගේ බිරිඳ වන ගුවන් විදුලියේ වැඩසටහන් ප්‍රධානී මයුරි අබේසිංහගේ මාර්ගයෙනි.

මයුරි අබේසිංහගේ බාල සොහොයුරා බර්නන් ශ්‍රි අබේසිංහ ITN  හි කළමනාකාර සහකාරවරයෙක් ලෙස සේවය කරයි.

පලාතුව ගුණරතන මහා විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළට මුහුණදුන් ඔහුද ගණිත විෂය අසමත්ය.

ඔහුට සාමාන්‍ය පෙළ සම්මාන සාමාර්ථ 2ක් (සිංහල හා ඉතිහාසය) සහ සාමාන්‍ය සාමාර්ථ 5ක් පමණක් ඇත.

දැනටත් අළෙවි අංශයේ කළමනාකාර සහකාරවරයෙකු ලෙස සේවය කරන බර්නන් උසස් පෙළද අසමත්ය.

ඔහුට කිසිදු උසස් අධ්‍යාපන හෝ වෘත්තිය අධ්‍යාපන සුදුසුකමක් ද නොමැත.

එහෙත් සභාපතිවරුන්ගේ ආශිර්වාදයෙන් සැමදා ඔවුන් වැජඹෙන බව ITN සේවක සංගමය පවසයි. වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දුගේ ආශිර්වාදයෙන් ඔහුගේ ත්‍රිරෝද රථයක් අළෙවි අංශයටත් වෑන් රථයක් පාලන අංශයටත් යෙදවීමට ඔහුට හැකි වී ඇත.

කෙසේ වෙතත් තනතුරට අදාළ සූදුසුකම් යට ගැසීම සඳහා මෙන්ම මෙවන් අයතා කටයුතු සඳහා සභාපතිවරයාගේ ආශිර්වාදය සහිතව සහය වන්නේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පාලන) සංජීවනී ඈපා බව ITN සේවක සංගමය පෙන්වා දෙයි.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පාලන) තනතුර සඳහා ITN ප්‍රකාශයට කළ සුදුසුකම් සංජීවනී ඈපාට නැති බවයි සේවකයින් පවසන්නේ.

ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි ඇති ඇය විශිෂ්ඨ සාමාර්ථ 1 ක්, සම්මාන සාමාර්ථ 2 ක් හා සාමාන්‍ය සාමාර්ථයක් ලබා ඇත.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් හිමි ඇයගේ පශ්චාත් උපාධි ප්‍රථීඵලය මේ වනතෙක් තහවුරු කිරීමටද ඇය අසමත් වී ඇතැයි සේවකයින් පවසයි.

තවද මහින්ද රාජපක‍ෂ පාලන සමයේ විවිධ හේතු මත සහකාර කළමනාකාර හා කළමනාකාර තනතුරු ලැබූ ඇතැම් අයට එම තනතුරට අදාළ සුදුසුකම් නැති බව ITN  සේවක සංගමය පෙන්වා දෙයි.

වැඩසටහන් කළමනාකාරු(ලක්හඩ), වැඩසටහන් කළමනාකාරු  (ITN) , සහකාර කළමනාකාර (කැමරා), සහකාර කළමනාකාර (පරිඝණක සජීවීකරණ) තනතුරු දරණ පිරිසට එම චෝදනා එල්ල වේ.

ඉහළ පුටු වල සිටින ෂඔභ නිළධාරීන්ගේ තත්ත්වය එසේ පවතිද්දී උපාධි/ විශේෂ උපාධි/ පශ්චාත් උපාධි සහිතව පහළ ශ්‍රේණිවල සේවය කරන බොහෝ අවංක සහ කැපවන සේවකයින්ද ITN  සේවක මඩුල්ලේ සිටින බවද සේවක සංගම් අනාවරණය කරයි.

සුදුසුකම් නැති අය සුදුසුකම් හා කුසලතා ඇති අය පාලනය කරද්දී, ආයතනයේ තීරණ ගනිද්දි ආයතනයක දියුණුව සහතික විය හැකි දැයි සේවකයින් පාලනාධිකාරියෙන් මෙන්ම ආයතනයේ ඍජු අධීක‍ෂකයා වන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ද ප්‍රශ්න කරයි.



 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment