Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

එජාපයේ අභ්‍යන්තර කැරැල්ලක්.


යහපාලන රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ තියුණු කැරැල්ලක් හටගෙන ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අවුරුදු එක හමාරකට ආසන්න කාලයක් තුලදී පක්ෂ අභ්‍යන්තරයේ ඇති වූ මෙම කැරැල්ල මෙසේ මතුපිටට පැමිණීමට පටන් ගෙන ඇත්තේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම නිසා බව කියවේ.

එක්සත් ජාතික පක්ෂයට අවුරුදු 25 කට වඩා වැඩි කාලයක් ස්වේච්ඡාවෙන් තම සේවාවන් සැපයූ වෘත්තීයවේදීන් රැසක් ඉදිරි දින කීපය තුල ඉල්ලා අස්වීමට නියමිත වේ. ඒ අතර පක්ෂයේ නීති ලේකම් හා විනය කමිටුවේ ප්‍රධානියා මෙන්ම කෘත්‍යාධිකාර මණ්ඩල සාමාජිකයෙකු වන ජේෂ්ඨ නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා ඉදිරි දින කීපය තුලදී තමා දරණ සියළුම තනතුරුවලින් ඉල්ලා අස්වීමට නියමිත වේ.

ඔහු අනුව යමින් තවත් පක්ෂයේ විවිධ තනතුරු දරණ 20 කට අධික සංඛ්‍යාවක් තම ඉල්ලා අස්වීම් අගමැතිවරයාට භාර දීමට අදහස් කරන බව සැලවේ. මේ පිළිබඳව අගමැතිවරයා වහා මැදිහත් නුවුනහොත් පක්ෂ අභ්‍යන්තර පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටීම නොවැලැක්විය හැකි බව කියවේ.

මේ පිළිබඳව ජේෂ්ඨ නීතිඥ නිශ්ශංක නානායක්කාරගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ ' තමා එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික නීතිඥ සංගමයේ ලේකම්වරයා බවත් එහි සාමාජික සාමාජිකාවන්ට මේ දක්වා කිසිදු ආකාරයක සහනයක් ලබා දීමට රජය කටයුතු කර නැති නිසා තමන්ට තවදුරටත් සාමාජිකයන්ට මුහුණ දීමේ අපහසුතාවයක් පවතින බැවින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

 තම සංගමයේ සභාපතිවරයා වූ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පවා දැරූ තනතුරෙන් ඉවත් කොට නොසලකා හැර ඇති තත්වයක් යටතේ තම ධූරය දැරීම කළ නොහැකි බව නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය. නිශ්ශංක නානායක්කාර මහතාගේ නම මහජන බැංකුවේ සභාපතිවරයා වශයෙන් පසුගිය පෙබරවාරි මස ගැසට් කර තිබියදී පවා එම ධූරය ඔහු වෙත ලබා දීමට නොහැකි වී ඇත්තේ අගමැතිවරයාට වඩා මුදල් ඇමතිවරයා බලවත් වීම නිසා බව කියවේ.

පක්ෂය වෙනුවෙන් උපරිම කැපකිරීම් කළ නිලධාරීන් විවිධ තනතුරු සඳහා පත් කළද විෂය භාර අමාත්‍යවරුන් ඔවුන්ට අභිමත ආකාරයට සේවය කිරීමට එකග වීමද මෙම තත්වය වඩා තීව්‍ර කිරීමට හේතු වී ඇත. උදාහරණයක් වශයෙන් ‘අපේ ගම' පරිශ්‍රයේ සභාපතිවරයා වශයෙන් මීට සති දෙකකට ඉහතදී පත්කළ ඩිලාන් රත්නායක මහතාද එම ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත අතර ඊට හේතු වී ඇත්තේ විෂය භාර අමාත්‍යවරයාගේ දැඩි බලපෑම් බව කියවේ.

මේ පිළිබඳව තවත් කරුණු රැසක් අඩංගු ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න .......


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment