Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අගමැතිගේ හෙලිදරව්ව හර්ෂ ද සිල්වා ගැනද?


මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රජය අපහසුතාවයට පත්වන ආකාරයට කටයුතු කරන එක්තරා එජාප මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපය තුළදී පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව සතිඅන්ත පුවත්පත් වාර්තා කර තිබිණ.

මේ වනවිට මෙම පුද්ගලයා කවරෙක්ද යන්න පිළිබඳව තැනින් තැන විවිධ මත පළවෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් අප සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වූයේ මෙම පුද්ගලයා අන් කවරෙකුවත් නොව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා බවයි.

අගමැතිවරයාට අයත් අමාත්‍යංශවල නියෝජ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කළ හර්ෂ මෙම තත්වය නිසාම එම තනතුරෙන් ඉවත් කොට එතරම් වැදගත්කමක් නැති නියෝජ්‍ය විදේශ අමාත්‍යධූරය සඳහා නම්කරනු ලැබ ඇත්තේද මෙම කරුණ නිසාමය.

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ යටි අරමුණ වී තිබෙන්නේ මහබැංකු අධිපතිධූරය ඔහුවෙත ලබාගැනීම බව සඳහන් වේ. ඒ සඳහා මන්ත්‍රීධූරයෙන් ඉවත්වීමට තමා සූදානම් බව හර්ෂ වරෙක අගමැතිවරයාටද පවසා තිබේ.

නමුත් අගමැතිවරයාගෙන් ඒ සඳහා සුබදායී ප්‍රතිචාරයක් නොලද විට හර්ෂ සිදුකර ඇත්තේ උදේ සිට රෑ වනතුරු අගමැතිවරයාට පහර ගසන නාළිකාවක හිමිකරුවෙකු හමුවී තමන්ට එම ධූරය ලබාගැනීම සඳහා උදව් කරන ලෙස ඉල්ලා සිටීමය.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම සපුරා උල්ලංඝනය කරමින් හර්ෂ ද සිල්වා තමාගේ සන්තකයේ තිබූ අතිශය රහස්‍ය ලියවිලි කිහිපයක් මෙම මාධ්‍ය ආයතන හිමිකරුවාට ලබාදී තිබේ.

අගමැතිවරයා විසින් 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී පුද්ගලිකව ජාතික ලැයිස්තුව සඳහා තෝරාගත් ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න ඔවුන්ගේ දේශපාලන නායකයා රැකගන්නවා වෙනුවට ඔහුව දඩයම් කිරීමට බලා සිටිනා පාර්ශ්වයන් සමග එක පෙරමුණකට එක්ව කටයුතු කිරීම ඉතා පහත් ක්‍රියාවක් බව මේ පිළිබඳව අපට කරුණු හෙලිකළ එජාප ප්‍රධානියෙකු සඳහන් කර සිටියේය.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP