රනිල්, ගජ මිතුරන් දෙදෙනා කොටවයි.


රැකියා දස ලක්ෂයේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා වන ආණ්ඩුවේ පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කිරීමට අගමැතිවරයා තීරණය කිරීමත් සමග, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා බලවත් සේ කනස්සල්ලට පත්ව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

වසර පහක් තුළ දී තරුණ තරුණියන්ට රැකියා දස ලක්ෂයක් බිහි කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට පෙර ප්‍රතිඥා දුන් අතර, මෙය යථාර්තයක් බවට පත් කිරීමේ පස් අවුරුදු සැලැස්මට රජයේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සියල්ලම ඇතුළත් වී ඇත.

ආර්ථික විශේෂඥයකු ලෙස අන්තර්ජාතික නමක් දිනා ගෙන සිටින අර්ජුන් මහේන්ද්‍ර මහතා ප්‍රධානත්වය ගන්නා පස් අවුරුදු සැලැස්මට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් කිහිප දෙනකු සහාය ලබා දීමට ඉදිරිපත් වී තිබේ.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කිරීමට යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම, චීනය සමඟ අත්සන් කිරීමට යෝජිත ආර්ථික ගිවිසුම ආදී ඉදිරි වසර හතර තුළ මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගතියට අදාළ ජාත්‍යන්තර එකඟතාවලට එළැඹීම ද අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පස් අවුරුදු සැලසුම් ව්‍යාපෘතිය මඟින් කිරීමට නියමිතය.

එසේම, මේ වසර අගදී ඉන්දියාව සමග ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) අත්සන් කිරීමට දැඩි තීරණයක් ගෙන ඇති අගමැතිවරයා, එහි කටයුතු මෙහෙයවීම ද අර්ජුන් මහේන්ද්‍රන් මහතාට පවරා තිබේ.

මලික් සමරවික්‍රම මහතා මෙන්ම අර්ජුන් මහේන්ද්‍රන් මහතා ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජකීය විදුහලේ සමකාලින මිතුරන්ය.

එහෙත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමග මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සමග ද සමීප ඇසුරක් පවත්වන ප්‍රබල ව්‍යාපාරිකයකු වන ඇමති මලික් සමරවික්‍රම මහතා, අර්ජුන මහේන්ද්‍රන් මහතාට බැදුම්කර ගනුදෙනු සම්බන්ධ චෝදනා එල්ලවූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් මගහැර සිටීම අගමැතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්ව තිබිණ.



 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment