Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද බිය නොවන්න, නඩු දිනන හැටි සජින් පෙන්වයි.


රාජපක්ෂ පවුලේ සමීපතමයකු මෙන් ම පසුගිය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයාද වූ සජින් වාස් ගුණවර්ධන අද දිනයේ ඇප මත නිදහස්ව 'රජකම ලැබුණාක් මෙන්' පිටතට පැමිණෙන ආකාරය මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබිණි.  මෙවර ඔහුට එරෙහිව එල්ල වී තිබුණු චෝදනාව වූයේ රුපියල් මිලියන 164ක් බලහත්කාරයෙන් ලබා ගැනීමය. ඒ, මනෝ සෙල්වනාදන් නම් ප්‍රකට ව්‍යාපාරිකයාගේ පුත්‍රයා වන ක්‍රිශ් සෙල්වනාදන්ගෙනි. එහෙත් නඩුව අවසානයේ නාටකයක් බවට පත් වූ බව පෙනේ. 


  • නඩු නාටකය 

අද දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි ක්‍රිශ් සෙල්වනාදන් තම නීතිඥයා හරහා අධිකරණයට පවසා තිබුණේ මෙහිදී බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමක් සිදුවී නොමැති බවත් මෙය සාමාන්‍ය ව්‍යාපාරික ගනුදෙනුවක දී සිදුවූ දෙයක් බවත්ය. ඒ අනුව සජින් වාස්ට ඇප නියම වූ අතර නඩුවට අනාගතයක් නොමැති බවද පැහැදිලි විය. බැලූ බැල්මට ම මෙය කාගේ හෝ තිරපිටපතක් අනුව උසාවියේ රඟදැක්වුණු නාටකයක් බව පැහැදිලිය. කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මේ සම්බන්ධයෙන් තදින් ක්‍රියා කරමින් ක්‍රිශ් සෙල්වනාදන්ගේ වත්කම් පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන්ද නියෝග කළේය. 


  • පරණ ඩීල් 

සජින් වාස් මින් පෙර රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන්නේ පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 22ක් බලෙන් රැගෙන ගොස් තමන්ට අයත් 'කොස්මොස් ඉන්ටනැශනල්' සමාගමේ භාවිතයට යෙදවීම පිළිබඳ චෝදනාවකටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව විමර්ශනය කර සම්පූර්ණ ගොනුව පසුගිය ජනවාරි 16 වනදා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබේ. දැනට මාස 6ක් ගත වී ඇති නමුත් නීතිපති දෙපාර්තමේන්තුව නිශ්ක්‍රීයව සිටින්නේ ආණ්ඩුවේ ඉහළම තැනකින් මේ ගැන කිසිවක් නොකරනා ලෙසට පැමිණි දැඩි බලපෑමක් හේතුවෙනි. 


  • කඩේ යන්නත් MSD ආරක්ෂාව 

එසේම ආණ්ඩුවේ පාර්ශ්වය දැන් මාධ්‍ය සංදර්ශන පවත්වමින් පුන පුනා පවසන්නේ සජින් වාස්ට ලබා දී තිබුණු ඇමති ආරක්ෂාව ඉවත් කර ඇති බවය. එහෙත් තවමත් සජින් වාස්ගේ පවුලට ම එකී ඇමති ආරක්ෂාව හිමිව තිබේ. වෙනෙකක් තබා සජින්ගේ බිරිඳ ශොපින් යන්නේද ඇමති ආරක්ෂයින් තිදෙනෙකු සමඟය. යහපාලනයේ 'ඩීල්' එසේය. 


  • සජින්ගෙන් ඉගෙන ගන්න 

නාමල්, යෝශිත, ශිරන්ති ඇතුළු පිරිස් පසුගිය සමයේ සජින් වාස්ට ඔලොක්කුවට හිනැහුනේ ඔහු විදෙස් ගමන් වලදී මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිවරයාගේ ගමන් මළු ඔසවාගෙන යන 'බැගේජ් බෝයි' ලෙස හඳුන්වමිනි. එහෙත් අද එකී 'බැගේජ් බෝයි'ගෙන් උපදෙස් ගන්නේ නම් ඔවුන්ට 'නඩු නැතිව සිටීමේ කලාව' ඉගෙන ගත හැකිවනු ඇත. යහපාලනය දැන් යන්නේ එහෙමය. 

සේයා රූ - අද දෙරණ වෙබ් අඩවියෙන්


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP