Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

නාමල් සංවර්ධනය කළේ සිංගප්පූරු රගර්ද ?


හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (18) ඇප මත නිදහස් කෙරිණි. කවදත් බොරු සෝබනයට ලැදි නාමල් මුදල් සොරකමක් ගැන චෝදනාවකට රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිට ඊයේ ඇප ලබා එළියට පැමිණීම රටට පෙන්වූයේ රගර් ලෝක කුසලානය දිනා ගෙන පැමිණියා වැනි ආකාරයකට ය. 

නාමල්ට චෝදනාව එල්ල වී තිබුණේ ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් කෝටි හතක මුදලක් ලබා ගැනීම සම්බන්ධව ය. දැන් කියවෙන්නේ එම මුදල රගර් ක්‍රීඩාව සංවර්ධනය සඳහා ලබා ගත්තක් බවය. මේ ගැන අදහස් දක්වමින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම විමසා තිබුණේ "රගර් ක්‍රීඩාවේ උන්නතිය සඳහා මුදල් ලබා ගැනීම මුදල් අවභාවිතයක්ද ?" කියාය. අපටත් දිලුම් මන්ත්‍රීවරයාගෙන් අහන්නට ප්‍රශ්නයක් තිබේ. එනම් "නාමල් මෙම මුදලින් සංවර්ධනය කරන්නට ගියේ සිංගප්පුරුවේ රගර් ක්‍රීඩාවද ?" කියාය. මන්දයත් මුදල් සොයාගෙන ඇත්තේ සිංගප්පුරුවේ HSBC බැංකු ගිණුමකින් නිසාය. 

නාමල්ලා රගර් ක්‍රීඩාව සංවර්ධනය කළ හැටිද අපට හොඳටෝම මතකය. එකම රටක් - එක පවුලක් සංකල්පය යටතේ ඔවුන් රගර් ක්‍රීඩාව සංවර්ධනය කළේ අයිය මලෝ තුන් දෙනාම කණ්ඩායමට ක්‍රීඩාකිරීමෙනි. දක්ෂයින්ට මඟ බලා ඉන්නට සිදුවෙද්දී ඔවුන් ජාතික කණ්ඩායමට පැනීම පමණක් නොව, දක්ෂයකු වූ වසීම් තාජුඩීන්ගේ ජීවිතය අහිමි කිරීම දක්වා එකි ක්‍රීඩාවේ 'උන්නතිය' දුරදිග ගියේය. කෙසේ වෙතත් ඕනෑම දෙයක් පෙන්නා මුදල් ගැරීමේ හපනුන් නිසා මෙතැන රගර් ක්‍රීඩාව පෙන්නා තමන්ගේ උන්නතිය වෙනුවෙන් නාමල් සිය බැංකු ගිණුම සංවර්ධනය කරගෙන ඇති බව පෙනේ. 

තවද මුදල් අවභාවිතය පිළිබඳව චෝදනාවකට අත් අඩංගුවට ගත් නාමල් වෙනුවෙන් ලොරි ටෝක් දෙන්නට මෙතැන පනින්නේ දිලුම් අමුණුගමය. එක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුල්ලන් කියා කතාවකුත් තිබේ. දිලුම් අමුණුගම යනු බහු විවාහ චෝදනාවකට ලක් වූවෙකි.  විවාහ තුන හතරකුත් කරගෙන නීතියෙනුත් කරදරයක් නොමැතිව හිඳින නිසා දිලුම්ව ගම්පළාතේ අය උපහාසයෙන් අමතන්නේ දිලුම් මොහොමඩ් අමුණුගම ලෙසය. නාමල්ගේ රගර් පෙන්නා මුදල් අවභාවිතා කිරීම ගැන චෝදනාවට දිලුම් ගේ පෙනී හිඳීම 'තක්කඩි වෙනුවෙන් තක්කඩි' පන්නයේ ක්‍රියාවක් වන්නේ එසේය. 


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP