Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රාජිතගේ නොදුටු ලකුණ මෙන්න..


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා නල්ලූර් කෝවිලට පැමිණ ආගමික වතාවත්වල නිරත විය. ඉන් පසු යාපනය කේ.කේ.එස් පාරේ අළුතින් ස්ථාපිත කළ ශ‍්‍රී ලංකා ආයුර්ෙවිද ඖෂධ සංස්ථාෙවි නව අලෙවි ශාඛාව විවෘත කරන ලදි.

ඉන් පසු යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේ දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

මෙම වසරේ දී ආයුර්ෙවිද ඖෂධ අලෙවිසැල් 06 ක් විවෘත කිරිමට කටයුතු යොදා තිබෙනවා. ෙමි වනවිට අලෙවි සැල් 03 ක් විවෘත කර අවසන්. පාරම්පරික වෛද්‍ය ක‍්‍රමය, සිද්ධි වෛද්‍ය ක‍්‍රමය, යුනානි වෛද්‍ය ක‍්‍රමය යන වෛද්‍ය ක‍්‍රම ලංකාව පුරා ප‍්‍රචලිත කිරීමට කටයුතු යොදා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් විකල්ප වෛද්‍ය ක‍්‍රම ලෝකයට හදුන්වාදීමට උත්සාහ දරනවා. ඉන්දියාෙවි ජනගහනයෙන් සියයට 80 ක් ප‍්‍රතිකාර ලබාගන්නේ ආයුර්ෙවිද වෛද්‍ය ක‍්‍රමයෙන්. සෙසු පිරිස බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් ප‍්‍රතිකාර ලබාගන්නවා. හෝමියෝපති වෛද්‍ය ක‍්‍රමය පාර්ලිෙමින්තුෙවි දී සම්මත කෙරුනා. සියළු වෛද්‍ය ක‍්‍රම මගින් හොද වෛද්‍ය සේවාවක් ජනතාවට ලබාදීමයි මගේ අපේක්ෂාව. බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් නිට්ටාවට සුව කළ නොහැකි රෝග රැුසකට ආයුර්ෙවිද වෛද්‍ය ක‍්‍රමයෙන් ප‍්‍රතිකාර ලබාදිය හැකියි. පර්යේෂණ ක‍්‍රම මගින් නව ආයුර්ෙවිද වෛද්‍ය ක‍්‍රම සහ ඖෂධ ලොවට හදුන්වාදීමට අපි කටයුතු කරනවා. දේශිය වශයෙන් වගා කළ ඔසු උයන් විනාශ වෙලා තිබුනේ. එම ඔසු උයන් වගා කිරීම නිකවැරටියෙන් ආරම්භ කළා. ආයුර්ෙවිද වෛද්‍ය ක‍්‍රමය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය විදේශ රටවලින් තමයි වර්තමානයේ ආනයනය කරන්නේ. එය නතර කිරීමට පියවර ගන්නවා. දේශිය වශයෙන් අවශ්‍ය ඖෂධ වගා කර ඖෂධ වර්ග නිෂ්පාදනය කරනවා. බටහිර වෛද්‍යවරුන්ට තිබූ සියළුම පහසුකම් දේශීය වෛද්‍යවරුන්ට ද අපි ලබාදුන්නා. ආයුර්ෙවිද උපාධිධාරීන් 700 කට වෛද්‍ය පත්වීම් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනවා.”

උතුරු පළාතට බොහෝ පහසුකම් අපි ලබාදිය යුතුයි. උතුරු පළාතේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ද රජය විශාල මුදලක් වෙන් කර තිබෙනවා. සිද්ධි ආයුර්ෙවිද ක‍්‍රමයට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරිම සදහා කර්මාන්ත ශාලාවක් මෙම පළාතේ ඉදි කිරීමට උතුරු පළාත් සභාව සමග කටයුතු කරනවා. ඒ සදහා අවශ්‍ය ඖෂධ වර්ග මෙම පළාතේ වගා කිරීෙමි වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.”

පැවැති පාලන ක‍්‍රමය වෙනස් කිරීෙමි අරමුණින් රජයක් අපි බිහි කළා. ජාතිවාදය, ආගම්වාදය පිළි නොගන්නා රජයක් බිහි කර තිබෙනවා. මතුවන ප‍්‍රශ්න වලට සාකචිඡුා මාර්ගයෙන් විසදුම් ලබාදෙනවා. අපේ රජය කිසිදු දෙයක් ජනතාවට බලෙන් පටවන්නේ නැහැ. නව ව්‍යවස්ථාවක් සැදීම සදහා ද සාකචිඡුා ආරම්භ කර තිබෙනවා. මම යුද්ධය කාලයේ මෙන්ම දේශපාලන කටයුතු සදහා ද උතුරට අවස්ථා ගණනාවක දී පැමිණියා. එල්.ටිී.ටිී.ඊ සංවිධානය, ඊරෝස් සංවිධානය සමගත් සාකචිඡුා පැවැත්වුවා. දිවංගත මහේෂ්වරන් මන්ත‍්‍රී තුමත් මගේ හොද යාළුවෙක්. මට දකුණෙන් ජිවිත තර්ජන එල්ල වෙනකොට ඇතැම් අවස්ථාවලදී මාව ආරක්ෂා කිරීමට කටයුතු කළා. ඔහු දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩ අරගලයක නිරත වුනා.” මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුෙවි ශ‍්‍රී ලංකා ආයුර්ෙවිද සංස්ථාෙවි සභාපති ලාල් සමරසිංහ මහතා එම තනතුරට පත් වූ පසු දීප ව්‍යාප්ත වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කළ බවයි. නව නිෂ්පාදන

එළිදක්වමින් සංස්ථාෙවි ආදායම වැඩි කිරිමට ඔහු විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළ අතර, නව නිෂ්පාදන විශිෂ්ටගණයෙන් යුක්ත බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා, ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි විඡේයකලා මහේෂ්වරන් මහත්මිය. පාර්ලිෙමින්තු මන්ත‍්‍රී අන්ගජන් රාමනාදන් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩි කුරේ මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, අතිරේක ලේකම් ජනක ශ‍්‍රී චන්ද්‍රගුප්ත මහතා, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සුජාතා සේනාරත්න මහත්මිය. යාපනය දිස්ත‍්‍රීක් ලේකම් රාමලිංගම් ෙවිදනායගම් මහතා, ශ‍්‍රී ලංකා ආයුර්ෙවිද සංස්ථාෙවි සභාපති ලාල් සමරසිංහ මහතා, එහි කළමණාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර මහතා, රාජ්‍ය ඖෂධ නිතීගත සංස්ථාෙවි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා, සෞඛ්‍ය වෘත්තීය සංගම් නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP