සාගල දුම්මලවරම අතට ගනී.


නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා අද (13) අරලියගහ මන්දිරයේ පැවති නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ විශේෂ රැස්වීමකදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ඔහුගේ විද්වත් සභාව දැඩි විවේචනයට ලක්කොට තිබේ.

'පොලිසියේ කාර්යක්ෂමතාවය බින්දුවෙ නෙවෙයි තියෙන්නෙ, සෘණ අගයක. මුලු පොලිසියම නාඩගම් මඩුවක් වෙලා. පොලිසිය කරන්නෙ කරන්න ඕන දේවල් නෙවෙයි, නොකළ යුතු දේවල්. මේකට මූලික හේතුව පොලිස්පතිතුමාගෙ පන නැතිකම. කතාකරන්න ගියාම අඩුම පැය හතරක් කතා කරනවා. නමුත් මෙලෝ දෙයක් හරියට කරන්නෑ. මේ සේරටම වගකියන්න ඕන තමුන්නාන්සෙ' යනුවෙන් අමාත්‍යවරයා පොලිස්පතිවරයාගේ මුහුණටම චෝදනා කොට ඇත. 

සාමාන්‍යයෙන් ඉතා නිහඬ සාමකාමී චරිතයක් වන අමාත්‍ය සාගල රත්නායක මෙසේ කෝපයෙන් හැසිරෙනු දුටුවේ ප්‍රථම වතාවට බව අරලියගහ මන්දිරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

අද පස්වරු 03.00 ට කැඳවන ලද මෙම විශේෂ සාකච්ඡාවට දිවයින පුරා සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරු පැමිණ සිටියහ. එහිදී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා,

'මම වතාවක් කිව්වා, දෙවතාවක් කිව්වා. හැබැයි තුන්වෙනි වතාවෙ කියන්නෙ නම් නෑ. මට ඉස්සෙල්ලා මේ ඇමති පදවිය ජෝන් අමරතුංග මහත්තයා, තිලක් මාරපන මහත්තයා දැරුවා. නමුත්, විවිධ හේතු නිසා ඒ අයට යන්න සිද්ධවුනා. මොන හේතු ආවත් මම යන්නෙ නෑ. මම වැරදි වැඩ කරන්නෑ. ජනාධිපතිතුමාගෙ, අගමැතිතුමාගෙ සම්පූර්ණ ආශිර්වාදය මට තියනවා. ඒකනිසා මම කාටවත් බය නෑ. හරියට වැඩ කරනකං මාත් එක්ක ඉන්න පුලුවන්. එහෙම බැරි අයව මම අනිවාර්යෙන්ම එළවනවා. මේක අවසාන නිවේදනය බව මතක තියාගන්න.' යනුවෙන් නැවතත් අවධාරණය කර තිබේ.

'ජගත් අබේසිරිගුණවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා මාව පුදුම ලැජ්ජාවකට පත්කළේ. රටේ මිනිස්සුන්ට කන්න නැතුව ඉන්නකොට ෂෝට්ඊට්ස් වලට විතරක් රුපියල් කෝටි බාගයක් වියදම් කරන්න හදනවා. මුලු පොලිසියම ඉවරයි මේ කරන වැඩවලින්. අබේසිරිගුණවර්ධනව පාලනය කරන්න බැරිනං දෙන්නම යන්න සූදානම් වෙන්න' යනුවෙන් අමාත්‍යවරයා පොලිස්පතිවරයා දෙසට හැරී පවසන විට පොලිස්පතිවරයා බිම බලාගෙන සිට ඇත.

පසුගියදා යාපනයේ පොලිස් මූලස්ථානය විවෘත කළ අවස්ථාවේදී එහි ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු විසින් නිරාවරණය කළ සමරු ඵලකය කියවමින් එහි විෂයභාර අමාත්‍යවරයාගේ නම සඳහන්ව නැත්තේ ඇයිදැයි පොලිස්පතිවරයාගෙන් විමසා තිබේ. එම සමරු ඵලකයේ ඉහළින්ම තිබී ඇත්තේ පොලිස්පතිවරයාගේ නමයි. එය සාගල රත්නායක අමාත්‍යවරයාගේ කෝපයට හේතුවී තිබේ.

මේ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරුන් පවසන්නේ 'පිස්සන් කොටුවක ඉන්න ඕන මිනිස්සු ලොකු පුටුවලට ආපුවහම මේ වගේ වැඩ සිද්ධවෙනවා. යාපනේ ඉන්න සීනියර් ඩීඅයිජීත් එයාගෙ ලොක්කටම ගැලපෙන මිනිහෙක්.' කියාය.

සාගල රත්නායක මහතාගේ විශේෂ රැස්වීමෙන් අනතුරුව එම රැස්වීමට පැමිණි නියෝජ්‍ය පොලිස්පතිවරුන් පොලිස් මූලස්ථානය වෙත කැඳවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නැවතත් සුපුරුදු ආකාරයට ප.ව. 04.00 සිට රාත්‍රී 09.30 දක්වා පැය හයකට ආසන්න කාලයක් හඬමින්, සිනහ වෙමින්, හොටු හූරමින්, කඳුළු පිසිමින් සුපුරුදු දීර්ඝ දේශනය පවත්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ වටිනා කාලය නැවතත් කා දමා තිබේ. 

දේශනය අතරතුර ඔහුගේ විද්වත් සභාවේ (ගොං සභාව ලෙස පොලිස් පොඩ්ඩන් හඳුන්වන) සාමාජිකයන් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන අයටත් කතා කිරීමට ඉඩ සලසා නීතිය හා සාමය රට තුළ ස්ථාපිත කිරීමට වැය කළයුතු පොලිස් නිළධාරීන්ගේ වටිනා කාලය නිකරුනේ වැයකොට ඇත.

පොලිස්පතිවරයාගේ මෙම පිස්සු කෙළිය වහාම නවතා දමා පොලිසියේ කාලය වරු ගණන් දේශන ඇසීමට නොව, නීතිය හා සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් යෙදවීමට විෂයභාර අමාත්‍ය සාගල රත්නායක මහතා නුදුරේදීම පියවර ගනු ඇති බව අරලියගහ මන්දිර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment