ලංකාවේ මිල අධිකම වාහනේ හිමි ධම්මික පෙරේරාගේ ලංකා සෙරමික් සේවකයන් විඳින දහදුක.


ධම්මික පෙරේරා මහත්තයා ලංකාවේ මිල වැඩිම වාහනේ ගෙනල්ලලු.

මම දැකපු පෝස්ට් එකක දැක්ක එතුමා හොස්පිටල් එකක වාට්ටු වගයක් හදන්න සල්ලි දීපු කතාවකුයි ඒ මනුස්සයෝ ඒවගේ දේවල් ප්‍රසිද්ධියේ කරන්නේ නෑ කියන කතාවකුයි.

මේ කතාව ධම්මික පෙරේරා මහත්මයාගේ ලංකා සෙරමික් ආයතනයේ මාතලේ ඕවල කයිකාවල ෆෙල්ස්පා පතලේ සේවකයෝ ගැන. මේ පෝස්ට් එක දැකල ලයික්වත් කොමෙන්ටවත් දාන්න නෙමේ එතුමාට මේක පෙන්නන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක කරන්න කියන ඉල්ලීමෙන් පටන් ගන්නේ. 

මොකද මේ දේවල් එතුමා දන්නවා වෙන්න බැහැ. ඒ තරම් ලොකු ව්‍යාපාරිකයෙක්ට ව්‍යාපාර සහ ඒවගේ සේවකයන් ගැන සොයන්න බැරි නිසා.

2017 අගෝස්තු 1 වෙනිදා ඉඳන් තමා මම මාතලේ ඕවල ෆෙල්ස්පා පතලේ සහකාර නිෂ්පාදන කළමනාකරු විදියට පත්වුණේ. 2015 අගෝස්තු 03 ඉඳන් අවුරුදු 2ක් කළුතර බෝල මැටි කම්හලේ විධායකවරයා විධියට වැඩ කරලා.

මාතලේ ෆෙල්ස්පා පතල කියන්නේ පෝසිලෙන් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය ඛනිජයක් සපයන ලංකාවේ ලොකුම පතලක්, අවුරුදු 40කට වඩා පරණයි. ඔය පතලේ වැඩ කරනව සේවකයෝ 27-30 ත් අතර ප්‍රමාණයක්. ඒ මිනිස්සු උදේ 6 ඉදන් හවස 5 -5.30 වෙනකම් ගිනිගහන අව්වේ බෝර විදිනවා, වෙඩි දානවා, කුළුගෙඩිවලින් ගල් කඩනවා. අවුරුදු 30+ සේවක කාලයක් තියෙන සේවකයෝ 20කට වඩා ඉන්නවා. දවසට තුන් වතාවක් බෝර විදිනවා. ලේන්සුවලින් මුණු වහගෙන. හරි හමන් ආරක්‍ෂිත උපාංග නැති නිසා. මේ මිනිස්සුන්ගේ මූලික වැටුප රු.13500/=. ඕටී, අනම් මනම් සේරම එක්ක පඩිය 17000ක් 18000ක් වගේ වෙන්නේ. ඒ මිනිස්සුන්ටත් ඉන්නේ ඔය කම්හල් කළමනාකරුවන්ට, විධායක නිලධාරීන්ට වගේම අහිංසක ළමයි තමා. ඒ ළමයි බඩ පිරෙන්න බත්කටක් කනවට හොඳ ඇඳුමක් ඇඳගෙන පාසල් යනවා දකින්න ඒ අහිංසක මිනිස්සුත් ආසයි. ඒ පතලේ වැඩ කරන අසරණ අහිංසක මිනිස්සු බහුතරයකට ගල් කුඩු නිසා පෙනහැලි රෝග. අවුරුදු 55න් විශ්‍රාම යන සේවකයන් අවුරුදු 2ක් 3ක් ජීවත් වෙලා ලෙඩ වෙනවා හෝ මිය යනවා. මේ මිනිස්සුන්ට සේෆ්ටි කියල කිසිම දෙයක් නැහැ. සාමාන්‍යධිකාරී, වගේම කලමනාකරවරුන්ට මේකේ කිසිම ගානක් නැහැ. මිනිස්සු මැරිලා හරි නිෂ්පාදනය එනවනම් එච්චරයි. හරි හමන් රක්ෂණ ආවරණයක්වත් මේ මිනිස්සුන්ට නැහැ. මම ගිහින් මේ ගැන කියල එවකට හිටි විධායක නිලධාරිවරයාට ලිපියක් මගින් දැනුම් දීල ආරක්ෂක උපකරණ ගැන විමසපුවම කිව්වේ අවුරුද්දට වෙන් කළ සල්ලි ඉවරයි කියල. 

යන්ත්‍ර සූත්‍රවලට තෙල් ගහන්න වෙන්කළ සල්ලි ඉවරයි කියල නිෂ්පාදනය නොනවත්වන මේ වගේ ආයතනයක ඒ කතාව විහිළුවක්, එහෙම නැත්නම් ඒ ලොක්කන්ට යන්ත්‍ර සූත්‍ර තරමට මිනිස්සු වටින්නේ නැහැ. ඒ දෙකෙන් කොයික වෙතත් අන්තිමේ මම කෑගහපු නිසාම ඒ මිනිස්සුන්ට බූට් සහ ග්ලවුස් එව්වා. නමුත් මාස්ක් අනම් මනම් කිසි දෙයක් නැහැ. ඒ සේවකයන් ඉල්ලීම් වගයක් ඉල්ලලා දීපු ලියුමක පින්තූරත් මම දැන් දානවා. මම ඉල්ලන්නේ මෙච්චරයි. ධම්මික පෙරේරා මහත්මය මේ අසරණ මිනිස්සු ගැන දැනගන්නකම් මේක ශෙයා කරන්න, ඒ මිනිස්සුන්ට ඉතුරු ජීවිත කාලේ හරි සතුටින් ඉන්න ලැබුණොත් ඒක අපිටත් ලොකු පිනක්.

කවීෂ නඳුන්ගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී.







Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment